අඟහරුවාදා (21) අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එකතු උන දවසක්.රටේ රාළ එහෙම කියන්නේ නිකං නෙවෙයි.සමහරු අහයි සනත් නිශාන්තලා,තිස්ස කුට්ටිලා,ප්‍රසන්න රණවීරලා ඉන්න පාර්ලිමේන්තුවකින් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා.ඔව් ඒක ඇත්ත වෙන්න පුළුවන්.හැබැයි මෙහෙම දේවල් වෙන්න තිබුණේ ගෝල්ෆේස් අරගලයට ඉස්සෙල්ලා තිබුණ පාර්ලිමේන්තුවෙන්.මතක තියාගන්න අලුත්ම පන්නයේ මහජන නැගීටීමක් වෙලා ගිනියම් උන ගිනි පුපුරු තවමත් අළු යට නෙනිමී තියනවා කියලා.
ඒවායින් ඕනිම වෙලාවක මහා ගින්නක් මතු වෙන්න පුළුවන්. ගෝල්ෆේස් අරගලයෙන් දුන්න පණිවිඩය තවමත් තේරුම් ගන්න බැරි මහජන නියෝජිතයින් කියලා කියාගන්න දේශපාලන තක්කඩි ටිකක් තවමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.එයාලා ආයෙත් පරණ පුරුදු විදිහට පිස්සු නටන පිස්සං කොටුවක් බවට පාර්ලිමේන්තුව පත් කරගෙන තියනවා.225 ම එපා කිව්ව රටක පාර්ලිමේන්තුවේ තමයි ආයෙත් මේ නින්දිත ජවනිකා රඟ දැක්වෙන්න පටන් අරන් තියෙන්නේ.
225 ම එපා කියපු සටන් පාඨය හරි කියන එක තමයි මේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලේ උඩු බුරමින් තහවුරු කරන්නේ.තවදුරටත් එහෙම නොවෙන්න නං, එක්කෝ මේ පාර්ලිමේන්තුවේ කතානායකයා කියලා ඉන්න මනුස්සයා තමන් පඹයෙක් නෙවෙයි කියලා රටට ඔප්පු කරලා පෙන්නන්න ඕනි. නැත්තං මේවාට සම්බන්ධ නැති පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරු ඉස්සරහට ඇවිත් මේවාට විරුද්ධ පොදු ක්‍රියාමාර්ග ගන්න ඕනි.
එහෙම නොවීම විසින් වෙන්නේ මේ නරි නාටක දිහා කුපිත වෙලා බලාඉන්න ජනතාව තමන්ට හම්බ වෙන පළවෙනි පැයේදීම ඒ වෛරය පිරිමහ ගන්නවා.ඒකට ඉතින් 225 න් කවුරු උනත් එකයි.ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ මැයි 09 වෙනිදා රාජපක්ෂලා මේ වගේම තමන්ගේ බත්බැලයෝ උසි ගැන්වීමක් කළා.ගෝල්ෆේස් අරගලයේ හිටපු නිරායුධ අරගලකරයන්ට සනත් නිශාන්තලා දාලා ගැහුවාපහර.ඒ ගහපු සනත් නිශාන්තලා පැයකට දෙකකට වීරයොත් වුනා.
හැබැයි ඒ ජොලිය වැඩිවෙලා තිබුණේ නෑ.ජනතාවගෙන් ප්‍රතිචාර එනකොට සනත් නිශාන්තලා,තිස්ස කුට්ටිලා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.අන්තිමට සිද්ධියට සෘජු සම්බන්ධයක් නැති ඇත්තටම අහිංසක මහජන නියෝජිතයෙක් මහ පාරේ ගුටිකාලා මැරුම් කෑවා. කුමාර වෙල්ගම හොඳටම ගුටිකාලා යන්තම් මැරෙන්නේ නැතිව 99 න් ජීවිතය බේරගත්තා.එදා 225 න් කවුරු හම්බ උනත් හම්බවෙන්න නියමිතව තිබුණ උත්තරය ඒක.
ඇත්තටම කුපිත වෙච්චි ජනතාව 225 න් සැලකිය යුතු පිරිසක් හොයාගෙන ගියා.මහින්ද හොයන්න බෝට්ටුත් අරන් ගියා. කවුරුවත් අල්ලන්න නැති හින්දා එයාලගේ ගෙවල් දොරවල් ගිනිබත් කරලා ආපහු ගියා.එදා ඒ පිටවුණේ රාජපක්ෂලා සහ එයාලගේ බත්බැලයෝ ගැන ජනතාව තුල තිබුණ වෛරය.රටේ රාළ ඒ වෙච්චි කිසිම ප්රචණ්ඩ ක්‍රියාවක් අනුමත කරන්නේ නෑ.හැබැයි මතක තියාගන්න ඕනිදේ තමයි ඒ වෛරය තවමත් මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ කැකෑරෙමින් තියනවා කියන එකයි.
නිකං මේ ශත පහකට වැඩක් නැති කබ්බෝ ෆෝම් කරලා ආයෙත් ඒ වගේ විනාශයකච රට තල්ලු කරන්න එපා කියලා රටේ රාළ රාජපක්ෂලාගෙන් බොහොම අනුකම්පා සහගතව ඉල්ලනවා. ඊයේ සිද්ධිය නිර්මාණය වෙන්නේ විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අහපු ප්‍රශ්නයක් මුල් කරගෙන.ප්රශ්නය උනේ මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම රටේ ආර්ථිකයට කරපු විනාශයට අලාභය එයාගෙන් අයකර ගන්න ඕනි කියන එකයි.
රට බංකොලොත් කරපු අය තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි. ඒ ප්රශ්නය සජිත්ට විතරක් නෙවෙයි මේ රටේ හැම පුරවැසියෙකුටම අහන්න අයිතියක් තියනවා.අපේ රට බංකොළොත් කරන්න මූලික වශයෙන් සම්බන්ධ උන රාජපක්ෂලා ඇතුළු නඩය තවදුරටත් අපේ බදු මුදල්වලින් නඩත්තු කරන්නේ ඇයි කියන ප්රශ්නය අහන්න මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියනවා.
ඒක සජිත් අහපු නිසා විරුද්ධ වුනාද?පාර්ලිමේන්තුවේදී අහපු නිසා විරුද්ධ වුනාද?එහෙමත් නැත්තං ලැජ්ජා නැතිකම හින්දා කුලප්පු වුනාද,ගොංකම හින්දා නැට්ට පාගගත්තද කියන්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි රටේ රාළ අහන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ තවදුරටත් ඔය නපුන්සක දේශපාලන හැසිරීම නං සිද්ධ වෙන්නේ ජනතාවට එන්න තියන එකම තීරණය තමයි කවදා හරි දවසක එලියෙදී අවස්ථාව හම්බ උනහම බලාගමු කියන එක.
එතෙන්ට නෙවෙයිද මේ තක්කඩි සමාජය තල්ලු කරමින් ඉන්නේ.ඔය සනත් නිශාන්තලා,තිස්ස කුට්ටිලා, ප්‍රසන්න රණවීරලා වගේ මහින්දලාගේ දේශපාලන බත්බැලයෝ දැන ගන්න ඕනි ඔය ප්රශ්නය සජිත් අහන්නේ එකපාරට රාජපක්ෂලා එක්ක ඇතිවුන වෛරයකින් නෙවෙයි කියන එක. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් ඒක.ඒක දැන් නීත්‍යානුකූල කතාවක්.රටේ රාළ ඔය නපුන්සක දේශපාලනඥයින්ට අභියෝග කරනවා පුළුවන්නං පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිත් ඔය චණ්ඩි පාට් දාන්න කියලා.
එහෙනං උසාවියට අපහාස කිරීමේ චෝදනවාට ලක්වෙන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාවගේ ප්‍රතිචාරය හම්බවෙනවා.එතනදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගැන කතා කරන සජිත්ට නෙවෙයි,ගමේ සිරිපාලට උනත්,ගුණපාලට උනත් බුරාගෙන පනින බල්ලෝ ඉන්නවා නං ගහලා දාන්න ගමේ මිනිස්සු පැකිලෙන එකක් නෑ.රටේ රාළ කියන්නේ මේ බල්ලන්ගේ අයිතිකාරයෝ නං බල්ලෝ ගැට ගහන්නේ නෑ කියලයි.දැන් අයිතිකාරයොත් බල්ලෝ වගේම වියරු වැටිලා.දැන් මේ රඟ දැක්වෙමින් තියෙන්නේ එයාලගේ අවසන් දේශපාලන ජවනිකාව.
දැන් එයාලා කරන්නේ බල්ලෝ උසි ගන්නන එක මිසක බල්ලෝ බැදලා දානක එක නෙවෙයි.එතකොට තමයි කටුකන බල්ලෝ ඇවිත් කටු අතු වගේ ඇගේ එල්ලෙන්නේ. ඇත්තටම දැන් රාජපක්ෂලා කොච්චර බංකොලොත් වෙලාද කියන එක මේ පාර්ලිමේන්තු නරි නාටකවලින් පේනවා.වෙනදා රාජපක්ෂලා බේරගන්න අඩුම ගානේ බොරුව ඇත්ත කරන්න පුළුවන් ඇත්ත බොරුව කරන්න පුළුවන් විමල්ලා,ගම්මපිලලා, රතනලා,වාසුලා හරි හිටියා.
හැබැයි දැන් ඉන්නේ තිස්ස කුට්ටිලා, සනත් නිශාන්තලා, ප්‍රසන්න රණවීරලා වගේ තුට්ටු දෙකේ නෙවෙයි තුට්ටුවවත් නැති බඩු.දැන් රාජපක්ෂලාගේ වේදිකාවේ රාජපක්ෂලා හැරුණහම ප්‍රධාන කථීකයා තිස්ස කුට්ටි.ඒ තරමටම රාජපක්ෂලා බංකොලොත්.මේ රටේ කාන්තාවන්ට තිස්ස කුට්ටි අපහාස කලේ පාර්ලිමේන්තුවේ ඉඳන්. පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගහන් මිරිස් කුඩු ගෙනාව ප්‍රසන්න රණවීර. අපි දැක්කා ඊයේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් ඇවිත් සනත් නිශාන්ත සජිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා හැන්සාඩ් ගත කරන්න හිටපු වාර්තාව කඩාගෙන දුවනවා.ඒක රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක්. එයාලට ඕනි උනේ ඒක හැන්සාඩ් ගතවෙන එක නවත්තන්න.
මොකද්ද සනත් නිශාන්ත කියන දේශපාලන තක්කඩියාට එහෙම කරන්න තියන අයිතිය.ඒක දිහා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ බලා ඉන්න නං කතානායක කෙනෙක් මොකටද.රටේ රාළ කතානායකගෙන් අහන්නේ කෝ ඒ දේශපාලන තක්කඩින්ට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග.කෝ ඒ වෙනුවෙන් පත්කරන කමිටු.එහෙම තියාගෙනද තවත් මේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියන්න එන්නේ.බම්බුව තමයි. පාර්ලිමේන්තුව කියන සංකල්පය උත්තරීතර ඇති ඒත් මේ තියන පාර්ලිමේන්තුව මොන උත්තරීතරද?
ඒක හින්දයි මේ රටේ ජනතාව ඔය පාර්ලිමේන්තුවට හෙන ඉල්ලන්නේ. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ,ඔය දෙපැත්තේම හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා.හැබැයි මේවා වෙද්දී එයාලටත් තවදුරටත් දේශපාලන පතිවත රැකගෙන ඕක ඇතුලේ ඉන්න බෑ.අඩුම ගානේ එයාලා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව එකතු වෙලා අර ඊයේ විපක්ෂ පැත්තේ කවුද කිව්වා වගේ මේ කටුකන බල්ලන්ට විරුද්ධ නැගිටින්න ඕනි.
විපක්ෂ නායක සජිතුත් දැනගන්න ඕනි සටනක් කරද්දී හරියට කරන්න.එයාගේ හැමදාම තියෙන් භාග සටන්.සජිත්ගේ විතරක් නෙවෙයි අනුරගෙන් එහෙමයි. රාජපක්ෂලාට දුන්න තීන්දුව අරන් පාර්ලිමේන්තුව ඇතුලේ විතරක් කෙකර ගගා ඉන්නේ නැතිව ඔය සටන ගේන්න පාර්ලිමේන්තුවෙන් එලියට.රාජපක්ෂලාට විරුද්ධව අපරාධ නඩු ගොනු කරන්න,වන්දි ඉල්ලන්න,මහජන උද්ඝෝෂණ පෙලගස්සන්න.ජනතාව ඒ අරගලයට එනවා.ඇයි ඔයාලා ඒක ගන්නේ නැත්තේ.
එතනදී රනිල්ටත් තමන්ගේ පැත්ත තෝරගන්න වෙයි.රට බංකොළොත් කරපු රාජපක්ෂලා කරේ තියාගෙනද රනිල් එන්නේ කියලත් හරියට චෙක් කරගන්නත් පුළුවන්.රනිල් රාජපක්ෂලා තියන්න හදන්නේ පුටුවේද,බංකුවේද නැත්තං පැඳුරේද කියලත් බලාගන්න පුළුවන්.ඒක නිසා විපක්ෂයට තියෙන්නේ රාජපක්ෂ විරෝධී සටන පාර්ලිමේන්තුවෙන් එලියට ගේන්න. රනිල්ට තියෙන්නේ අප්පච්ලා, බාප්පොච්චිලා,පුතාලා උසි ගන්නලා එවන බලු නකුටෝ ගැටගහලා දාන්න.දැන්තං ජනතාව ඇවිත් බල්ලො ගැටගහන දවසක් ආයෙත් එන්න පුළුවන්.
Lanka Newsweek © 2024