ලොව දරුණුම මරා ගෙන මැරෙන කොටි ත්‍රස්තයන් පරාජය කළ මානුෂික මෙහෙයුම සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස අනූපමේය මෙහෙවරක් ඉටු කළ රෝහිත බෝගොල්ලාගම මහතා, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදුව ඔහු 2023 නොවැම්බර් 20 වැනිදා එංගලන්තයේ ලන්ඩන්හි දී සිය රාජකාරි ඇරඹීමට නියමිතය.
වෘත්තියෙන් නීතීඥයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා වර්ෂ 2000 දී මුල් වරට පාර්ලිමේන්තු පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
විදේශ ඇමති ලෙස යුද සමයේ ලෝකයම සමබර කර ගැනීමේ අසීරු කාර්ය ඔහු ඉතා මැනෙවින් ඉටු කළ නිසා ජාත්‍යන්තර බලපෑම් මැඩ ගෙන යුද ජයග්‍රහණය දක්වා ගමන් කිරීමට සහ තිරසර සාමයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි විණ.
විදේශ ඇමති ධුරයට අමතරව ආයෝජන ප්‍රවර්ධන, කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුර සහ නැගෙනහිර ආණ්ඩුකාර සේම ආයෝජන මණ්ඩල සභාපති ධුරය ද රෝහිත බෝගොල්ලාගම මහතා ඉසිලූ සෙසු තනතුරු අතර වේ.
ලන්ඩනයේ සිට බ්‍රිතාන්‍ය පමණක් නොව රටවල් 52 ක් පුරා විහිදෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ද ශ්‍රී ද ලංකාවට අදාළ කටයුතු ගැන ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වාසි ප්‍රයෝජන සහ ආධාර ලබා ගැනීමටත් රටට එල්ල වන අභියෝග හමුවේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ පොදු රාජ්‍ය මණ්ඩල රටවල් සමබර කර ගැනීමත් සිය ඉලක්කය බව රෝහිත බෝගොල්ලාගම මහතා සඳහන් කරයි.
තවද බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපා රටවල් 27ක වෙසෙන සිංහල සේම දෙමළ සහ මුස්ලිම් ඩයස්පෝරාව සමඟ ද අවබෝධයෙන් කටයුතු කොට ඔවුන්ගෙන් රටට ලබා ගත හැකි සහාය ලබා ගැනීම ද සිය ප්‍රමුඛ අරමුණක් වන බව රෝහිත බෝගොල්ලාගම මහතා කියා සිටියි.
Lanka Newsweek © 2024