Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නෑ  


2023-11-15 14363

 

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

 

මේ වන විට රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවට දැනුම්දී තිබේ.

ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට " Electric" වාහන ආනයන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, විදේශ විනිමය පිළිබද අර්බුදයක් පැවති අවස්ථාවේදී විධිමත් ලෙස බැංකු ක්‍රමවවේදය හරහා විදේශ විනිමය ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සදහා මෙලෙස විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට "Electric" වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කළ බවයි.

ඒ අනුව මෙම ක්‍රමවේදය හරහා පමණක් ඩොලර් මිලියන 47කට අධික විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණ බවද ලේකම්වරයා පැවසුවේය.

ඒ අවස්ථාවේදී ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව හමුවේ අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය සදහන් කළේ මේ වන විට ඩොලර් ගෙන්වා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.

මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය - ඩොලර් අර්බුදයක් තිබුණ නිසා, ඩොලර් එවීම විධිමත් මාර්ගයට ගැනීමටයි අපිට අවශ්‍ය වුණේ. දැන් අපිට විදේශ ප්‍රේශණ ලැබීම හොද මට්ටමක පවතින නිසාත්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වාහන බලපත්‍ර ක්‍රමවේදය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා තමයි විශ්වාස කරන්නේ.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා - විදේශ ප්‍රේශණ ලබාගැනීම දිරිමත් කිරීම සදහානේ මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් මුදල් අමාත්‍යාංශය කියන්නේ ඒ වගේ දිරිමත් කිරීමක් අවශ්‍ය නෑ, ඒක දැන් සාමාන්‍ය තත්වයට පත් වෙලා තියෙනවා කියලානේ කියන්නේ.

මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය - දැන් පාලනය කරලා තියෙන්නේ. විනිමය පරතරය පිළිබද ගැටලුවකුත් නෑ

Advertiesment