Saturday 8th of May 2021

English Tamil
Advertiesment


වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි NCE රන් හා රිදී සම්මාන දිනයි


2019-07-03 1949

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ භක්‍ෑ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී ආභරණ කාණ්ඩයේ  මධ්‍යම පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ ආභරණ කාණ්ඩයේ විශිෂ්ටම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබීය. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරිහි අපනයන සමාගම වන එන්. ජේ. එක්ස්පෝර්ට්ස් සමාගම ආභරණ කාණ්ඩයේ මහා පරිමාණ අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණාත්මකභාවයෙන් අනූන නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ විශ්වාසයෙන් මිල දී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස ජන හද දිනූ නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනයල ස්වර්ණාභරණ මෝස්තර 25000 කට අධික අගනා එකතුවකින් සමන්විතය.

නිසි ප‍්‍රමිතියෙන් සපිරි ප්ලැටිනම්, රත්රන්, සුදු රත්රන්, දියමන්ති ආදියෙන් ආභරණ නිපදවන නිෂ්පාදනාගාරයකින් සහ දෙස් විදෙස් පුහුණුව ලැබූ විශේෂඥ දැනුමෙන් සපිරි පළපුරුදු සේවක මඬුල්ලකින් නිත්‍යකල්‍යාණි ජුවලරි සමන්විතය. 3D Printing වැනි නව තාක්ෂණික ක‍්‍රමවේදවලින් පාරිභෝගිකයාගේ සිතැඟි නිමැවුම එලෙසම සැකැසීමේ හැකියාව සතු නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනය සිය ආභරණ මහා බි‍්‍රතාන්‍යය, ඩුබායි, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් 12කට සාර්ථකව අපනයනය කරයි.

”මේ ජයග‍්‍රහණයල අපි කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ ප‍්‍රතිඵලයක්. පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න අපි සුදානම්.” නිත්‍යකල්‍යාණි ජුවලරිහි ප‍්‍රධාන විධායක නිලධාරි ඒ. පී. ජෙයරාජා මහතා පැවසීය. පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා නව විලාසිතාවලින් සපිරි නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය  (www.nithyakalyani.com) දශක හතරක ඉතිහාසයකට උරුමකම් ලබා ඇති දේශීය ආයතනයකි. සම්මාන රැසක් ලබා ඇති නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය  මෙරට ආර්ථිකයට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2014දී ශ‍්‍රී ලංකා මහ බැංකුව පිරිනැමූ Global Commerce Excellence  සම්මානයෙන්ද පිදුම් ලැබීය. එසේම ඔවුන්ට අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජනාධිපති අපනයන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ආභරණ අංශයෙන් දිවයිනේ හොඳම අපනයනකරුවා ලෙස 2014 සහ 2015 ජනාධිපති සම්මානවලින් ලැබීමටද හැකි විය.

 

 

 

Advertiesment