Friday 4th of October 2024

English Tamil
Advertiesment


ක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධීන අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැකයි 


2023-11-08 14323

 

ක්‍රිකට් පරිපාලනයට පත් වන්නන්ගෙන් අපේක්ෂා කරන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම වුවත්, වර්තමානයේ පරිපාලනයට පිරිස් එක් වන්නේ, ක්‍රිකට් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අති විශාල මුදල් සම්භාරය සොරා ගැනීමටද යන්න සොයා බැලිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

තමා කිසිදු අවස්ථාවක අධිකරණය විවේචනය නොකරන නමුත්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබාදෙන නියෝග පිළිබඳ බරපතළ ගැටලු රැසක් ඇතැයි ද, ලක්ෂ 220ක් වූ ජනතාවගේ හදවතේ ඇති මේ ක්‍රීඩාව සමඟ විධායකයට,ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, හොරුන්ට සේම අල්ලස්කරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

හොරුන්ගෙන් ක්‍රිකට් බේරා ගැනීමට නම්, ක්‍රීඩාවේ අත්දැකීම්ද ඇති දක්ෂ පරිපාලකයින් වූ ආනා පුංචිහේවා වැනි පුද්ගලයන්ට එම වගකීම් භාර දිය යුතු යැයි ද, වර්තමානයේ  ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ කිසිවක් කළ නොහැකි ලෙස, ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් ඊට ඇගිලි ගැසීම අරඹා ඇතැයි ද ඔහු චෝදනා කර සිටියි.

අධිකරණයේ ස්වාධීනත්වයට ක්‍රිකට් සොරුන්ගෙන් බලපෑමක් සිදු වෙනවාද යන්න වහාම සොයා බැලිය යුතු බව කියා සිටින  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ගන්නා ඕනෑම නිවැරදි තීන්දුවක් වෙනුවෙන් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය පෙනී සිටින්නේ යැයි ද අවධාරණය කර සිටියි. 

Advertiesment