Monday 7th of October 2024

English Tamil
Advertiesment


ඇමෙරිකාවේ Heart to Heart වෙතින් ශ්‍රී ලංකාවට තවත් රු මිලියන 985ක වෛද්‍යාධාර 


2023-10-29 14499

 

තානාපති මහින්ද සමරසිංහගේ තවත් වැඩක්

 

 
(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

 

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට "Heart to Heart International" වෙතින් තවත් රුපියල් මිලි 985 ක (ඩොලර් මිලියන 2.9 ක) ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඒ   "Heart to Heart International" ආයතනය ගෙවුණු වසරක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දුන් 8 වන ඖෂධ පරිත්‍යාගය වන අතර අදාළ ආධාර තොගය 2023 ඔක්තෝබර් මස 26 වැනිදා ගුවනින් ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ. 

එම ඖෂධ අතර පිළිකා, වකුගඩු අගන්‍යාසය සහ මොළය ආශ්‍රිත රෝග සඳහා ඇමෙරිකාවේ නිපදවූ ලොව නවීනතම සහ මිල අධිකම ඖෂධ වේ.

එදා සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 53 ක වෛද්‍ය ආධාර "Heart to Heart International" ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 13,000 ඉක්මවයි. එම ආධාරවල ප්‍රවාහනය ඇතුළු සියලු වියදම් එම ආයතනය මගින් දරන පසුබිම ඇති කර ගැනීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමත්ව තිබේ.

ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටි "Heart to Heart International" ආයතනය 1992 සිට මේ දක්වා ලොව රටවල් 130ක ට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අති දැවැන්ත මුදලක ඖෂධ පරිත්‍යාග කර තිබේ. යම් රටක ස්වාභාවික විපත්වලදී එම ආයතනය විශේෂ මැදිහත්වීම් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවට ලබා දුන් මෙම ඖෂධ තොගය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමති වූ පසු විදේශයකින් ලැබුණු ප්‍රථම පරිත්‍යාගය වේ.  "Heart to Heart International" ආයතනය වෙත සිය ස්තුතිය පිරිනැමූ තානාපති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවය ද එම ආයතනය වෙත පුද කරනු ලැබ තිබේ.  

Advertiesment