ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර සමාජ, ආර්ථික, දේශපාලන, මානව හිමිකම් සහ සංචාරක ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන ගිවිසුමක් මෙක්සිකෝහි දී අත්සන් කෙරිණ.
එම ගිවිසුම වසර 10 ක උත්සාහයක මල්ළුල දැරීමක් වන අතර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ මෙක්සිකෝ නියෝජ්‍ය විදේශ ඇමතිනි කාමෙන් මොරෙනෝ ටොස්කානෝ මහත්මිය අතර එම ගිවිසුම අත්සන් කෙරිණ. ඒ හරහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයකට පදනම වැටිණ.
මහින්ද සමරසිංහ සහ කාමෙන් මොරෙනෝ ටොස්කානෝ මහත්ම මහත්මීන් අතර සිදු වූ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික ගැටලු සේම එම ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව මහින්ද සමරසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
IMF විස්තීරණ ණය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මානව හිමිකම් සහ සංහිදියාව ගැනද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර නිල සාකච්ඡා කොළඹදී පැවැත්වීමට ද එකඟතාව පළ කෙරිණ.
එරට විදේශ අමාත්‍යාංශයේ මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් රොබෙටෝ ඩි ලියොන් මහතා සමග කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකවේ මානව හිමිකම් සහ සංහිදියාව වෙනුවෙන් ගත් පියවර පැහැදිලි කෙරිණ.
සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් මහතා හමු වූ අවස්ථාවේ දී මහින්ද සමරසිංහ මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලිපියක් ඔහුට භාර දුන් අතර අගමැතිගේ සහ සෙනෙට් සභිකයාගේ පියවරුන් අතර තිබූ සබදතාව එමගින් පෙන්වාදී තිබිණ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ අනාගත ඉලක්ක ගැන ද ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මෙක්සිකෝවේ ආයෝජන සහ තාක්ෂණ ආයතනයේ උප සභාපති ජෝර්ජ් ලොපෙස් මහතා සහ තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ව්‍යාපාර, ආයෝජන සහ අපනයන අවස්ථා ගැන අවධානය යොමුවූ අතර එම අවස්ථා වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයේම එකගතාව පළ විය. දෙරට වානිජ මණ්ඩල හරහා ඒකාබද්ධ ව්‍යාපාර ඇති කිරීම සහ මෙක්සිකෝව හරහා ප්‍රති අපනයනය සිදු කිරීම ගැනද අවධානය යොමු කෙරිණ.
ශ්‍රී ලංකාවේ කුරුඳු, තේ, පිඟන් බඩු සහ ඇඟලුම්වලට වැඩි ඉඩක් ලබා ගැනීමට මහින්ද සමරසිංහ මහතා දැරූ උත්සාහයට ඉහළ පුතිචාර පළ විය.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය ( වානිජ) චරිත යත්තෙගොඩ මහතා එහිදී කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ හැකි ද්‍රව්‍ය සහ "Port City" ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන ද කරුණු ඉදිරිපත් කළ අතර මෙක්සිකෝ බලධාරීන් විමසූ ප්‍රශ්නවලට ද ශ්‍රී ලංකා තානාපති පුමුඛ තෙවන ලේකම් තාරක දිසානායක මහතා ඇතුළු දූත පිරිස පිළිතුරු දුන්හ.
Lanka Newsweek © 2024