Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට 


2023-10-23 14379


පලස්තීන සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන උග්‍ර යුදමය තත්ත්වයේ දී ලෝක බලවතුන්ගේ පූර්ණ සහයෝගය ඊශ්‍රායලයට හිමි වී තිබේ.  

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය සහාය ඊශ්‍රායලයට හිමි වන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

Advertiesment