Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රනිල් චීනයේ දී ටාසන්ටයි  සහ හර්කියුලීස්ටයි එකවර අඳියි 


2023-10-21 14328

 

පොලිස්පති එළවා රට අස්ථාවර කරන ගැසූ ගේමට රනිල් දුන් ගේම

 

දිනිත්ගේ සහ ආශුගේ චීන ටෙලිෆෝන් කෝල් තරඟාවලිය

 

Dr රමේශ්ගේ මහා කරණම

 

මහින්ද සමරසිංහගේ "ඔපරේෂන් මෙක්සිකෝ"

 

පාදෙනියලාගේ සහ දර්ශන සිරිසේනලාගේ GMOA

 

දිනේෂ් හරහා පෝට් සිටියට චීන තෑගි

 

ජනපති e කොංළම

 
 
 
(අශෝක ජයතුංග ඇමරිකාවේ සිට)
                       

 

රටේ එවුන් ප්‍රශ්නවලින් ජීවන හා බදු බරින් තැලිලාය. ජාවාරමුන් හැර කිසිවෙකුගේ ආදායම ඉහළ ගොස් නැත. ඒත් රනිල්ට සැපය. හැමදාම රටය. පිරිවර සමග කනවා බොනවාය.එහෙම කියන්නේ විපක්ෂය හා ඔවුන්ට කඩේ යන උන්ය. චෝදනා දාන අය රට බාර ගත්තේ නැත. ඒ ඊට වඩා විවේචනය පහසු නිසාය.

"ජනපති රට යන්නේ නන්නපෝල් වූ රට ගොඩ දාන්න බව චෝදනා කරන අයත් දන්නවා" බටර් ගෑමේ ජොබ් එක කරුණු මත පදනම්ව කරන ආශු මාරසිංහ පාර්ලිමේන්තු ලොබියේදී කීවේය. ඇමෙරිකන් හා බටහිර ගැති ලේබල් සහිත රනිල් මෙදා ගියේ චීන වන්දනාවේය. ඒ සබ්‍රි, නන්දලාල් සහ දිනේෂ් වීරක්කොඩිලා සමඟය.
 
ඊට පෙර GMOA හා සරසවි ඇදුරන් පැමිණ දුක කීවෝය. ඔවුන්ටත් ප්‍රශ්න නම් සාමාන්‍ය මිනිහා කොහොම ඇත්දැයි ඔවුන් හිතනවාදැයි දන්නේ නැත. ප්‍රශ්න රැසක් විසඳින. බදු බර අදෝනාවටද ග්‍රීන් ලයිට් පත්තු විය. පාදෙනියලාට වඩා අද දර්ශන සිරිසේනලාගේ GMOA එක  ප්‍රශ්න යුක්තිසහගතව හා ගැඔුරින් බැලීම රටේ වාසනාවක්ව තිබේ.  

චීනයට බහැපු ගමන් CGTN  නාළිකාවට රනිල් සිංහලෙන් සාකච්ඡාවක් දුන්නේය. ජර්මනියේදී මෙන් නිවේදිකා හැඩකාරිගේ කෙහිවලු අල්ලන තෙක් සමහරු බලා සිටියද එසේ වූයේ නැත. ඒ තුළ කපටි නරියා ජර්මනියේදී දුන්නේ වෙනමම ගේමක් බව පැහැදිලිය.

චීන වෙළෙඳ ආයෝජන හා සංචාරක සමුළුව තානාපති අංශ හා දිනේෂ් වීරක්කොඩිගේ මෙහෙයවීමෙන් පැවතිණ. චීන හා ලංකාවේ ව්‍යාපාරිකයන් ද එක්වූහ. රනිල් ගේ තැටිය එදාද වෙන රිද්මයකින් වැයින.

ඒ අතරේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත්ගෙන් හා ජනපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශුගෙන් දුරකතන වැස්සක් චීනයට ගියේය. දෙදෙනාම තරගයට එකම තොරතුර කීය. ඒ ජනපති පත් කළ පොලිස්පති ව්‍යවස්ථා සභාවෙන් එළියට දැමූ බවය.එය ඇසූ රනිල්ට මළ පැන්නේය.
 
"ආරක්ෂක ඇමතියි ජනාධිපතියි පොලිස් ඇමතියි රටේ නැති වෙලාවෙ මේව කරන්නෙ රට අවුල් කරන්නද.වහාම සමන්ට කතා කරන්න" ජනපති ලේකම් සමන් ඒකනායකද ජනපති ඇමතීමට දඟකමින් සිටි නිසා වහාම එම ඇමතුම ලැබිණ.

"පොලිස්පතිට යන්න දෙන්න එපා. සති 03 කට වහාම පත් කරන්න. අර සභාවටත් දැනුම් දෙන්න" රනිල් ටාසන් හා හර්කියුලීස්ට ඇන්දේ එක විටය. සිද්ධිය ගැන ජනපතිට තවත් ඇමතුම් ලැබිණ.
      
 "පොහොට්ටුවේ සමහරු ගේමක්දීල ඔබතුමා යට කර ගන්නයි බැලුවේ. කුඩුයි සල්ලියි එක්ක මේ ගේම ආවා. පොලිස්පතිකමට කෙල හලමින් ඇඳුම් මහපු අයත් මේකෙ ඉන්නවා" ආදී විස්තර ලැබිණ.
 
නැගපු යකා බැලන්ස් කර ගත් රනිල් ඉන්දුනීසියා ජනපති, පකිස්ථාන අගමැති, වියට්නාම් ජනපති, චීන උප අගමැති හමුවී ලංකාවට වැදගත් කරුණු රැසක් ගැන එකඟතාවකට ආවේ කිසිවක් සිදු නොවූ ගාණටය. එහිදී වැදගත්ම වූයේ චීන මුදල් ඇමතිගේ හමුවය.

"ණය ප්‍රතිව්‍යුහකරණය මධ්‍යම හා දිගු කාලීනව කරමු" යයි එකඟතාවකට ඒමට කපටි නරියා සමත් විය. එහි සිටි චීන ආයෝජකයන්ට රනිල් හා දිනේෂ් කීවේ "ලංකාවේ සංවර්ධනයට හවුල්වී ප්‍රතිලාභ ලබන්න" කියාය. පෝට් සිටියට චීන ආයෝජනවලට පාර කැපුණේ එහෙමය.

චීන ජනපති එක්වූ ප්‍රධාන සමුළුවට පුටින් හා රාජ්‍ය නායකයන් 20 ක් හා රටවල් 141 ක් ආහ.රනිල්ට හමුදා උත්තමාචාරද ලැබිණ. නායකයන් ඡායාරූපයකට මුහුණ දුන් අතර එහිදීද ජනපතිට ප්‍රමුඛත්වය ලැබිණ.

ලංකාවට ආ රනිල් එක හුස්මට එජාප සමුළුවට ගියේය. රට වගේම පක්ෂය ගොඩ දැමීමත් සිය කරමත බව ඔහුට මතක්වී තිබේ. බලයට ආ පසු රට මිසක වෙන ඒවා ගැන නොහිතීම රනිල්ගේ හැටිය. ඔහු සැමදා දේශපාලනිකව නන්නපෝල් වන්නේ ද ඒ තුළය.

සෞඛ්‍ය නිලධාරීන්ට බිළිවූ කෙහෙළියට ගැලවීමක් නැත. වෙනසකට බල කෙරුණේ කලක සිටය. රාජිතට වැඩේ බාර දෙන්නට පොහොට්ටුවෝ ඉඩ දුන්නේ නැත. Dr රමේෂ්ට දෙන්න හැදුවද හරිගියේ නැත. දැන් ඔහුට ගැලවෙන්නට බැරිය. මාධ්‍ය හිතවතෙකු හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් හරහා ජනපතිට පණිවිඩයක් ගියේය. දැන් රමේෂ් මහා පිනුමකට සැරසෙන ලකුණුය.
 
ඇමෙරිකාවෙන් රටට බෙහෙත් පොහෛාර ඇතුළු රු කෝටි 3500 ක ප්‍රතිලාභ සැලසූ තානාපති මහින්ද සමරසිංහ ඇරඔූ "ඔපරේෂන්මෙක්සිකෝ" දැන් දියත් වේ. ඒ කුමක්ද...??

Advertiesment