1935 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වු ආචාර්ය ඇන්.එම් පොරේරා සහෝදරයා වාමාංශික ව්‍යාපාරයේ පතාකම යෝධයෙකි. අනතුරුව පසු අවස්ථා ගණනාවකදී ම සහෝදරවරුන් කිහිප දෙනෙකුම ප්‍රධාන ලේකම්කම සහ නායකත්වය දරන ලදී. ඒ සෑම අවස්ථාවකම නියෝජ්‍ය ලේකම් ධුරය සඳහාද පක්ෂයේ දෙවන පෙළ නායකත්වය සඳහා පක්ෂයේ උත්තරිතරම මණ්ඩලය වන මධ්‍යම කාරක සභාවෙන් සහෝදරවරුන් තෝරා පත් කර ගන්නා ලදී.
ඒ අනුව වර්තමානයේ අඛණ්ඩව වසර 21 වඩා වැඩි කාලයක් ප්‍රධාන ලේකම් සහ පක්ෂයේ නායකත්වය සඳහා ආචාර්ය ඇන්.එම්. පෙරේරා මැතිතුමාගේ ඥාති පුත්‍රයෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කරන ලද හිටපු විද්‍යා සහ තාක්ෂණ ආමාත්‍ය සේම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා කටයුතු කරමින් සිටී.
එතුමාගේ නායකත්වය යටතේ නියෝජ්‍ය ලේකම් සහ දෙවන පෙළේ නායකත්වය සඳහා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික, දේශපාලන මණ්ඩල සභික, යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ සභාපති සේම තරුණ සංවිධාන කිහිපයකම නායකත්වය දරන රවින්ද්‍ර ප්‍රදීප් කුලසේනට තරුණ නායකත්වය හිමි විම සුවිශේෂි කරුණක් බවට පරිවර්තනය වෙමින් පවතී.
මේ වන විට ඉදිරි සියලුම මැතිවරණ ලංකා සම සමාජ පක්ෂයේ යතුර ලකුණින් තනි පක්ෂයක් ලෙස තරග කිරිමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ඒ තීරණයට සාධරණයක් ඉටු කිරිම සඳහා සියලුම දිස්ත්‍රික් ආවරණය කරමින් තරුණ සහ කාන්තා සංවිධාන පිහිටු විම කඩනමින් සිදු කරමින් පවතින අතර සිංහල, දෙමළ සහ මුස්ලිම් තරුණ ප්‍රජාව උද්යෝගයෙන් ලංකා සම සමාජ පක්ෂය වටා එක් වෙමින් සිටිති.
ලංකා සම සමාජ පක්ෂයේ නව සභාපති රුවන්වැල් හිටපු ප්‍රාදේශිය සභාපති රත්නපාල පීරිස්, පරිපාලන ලේකම් චන්දන රණසිංහ සහ භාණ්ඩාගාරික කීර්ති විතානගේ යන සහෝදරවරුන් තේරි පත් වී ඇත
Lanka Newsweek © 2024