ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයට වසර 75 ක් සැපිරීම නිමිත්තෙන් ඇමරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත් විණ.
ඇමරිකවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ පිරිස, විදේශ ඇමති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එම අති උත්කර්ශවත් උත්සවය හරහා දෙරට අතර සබදතා වඩාත් ශක්තිමත් විය. මෙම රාජ්‍ය තාන්ත්‍රික උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ධවල මන්දිරය, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව සහ IMF ඇතුළු ඇමෙරිකානු රජයේ සේම සෙසු ආයතනවල ඉහළම ප්‍රබලයන් ද, සෙනෙට් සහ කොංග්රස් සභිකයන් ද, තානාපතිවරුන් ද, ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 400ක් පමණ එක්ව සිටියහ.
උත්සවය ඇරඔුණේ ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු ජාතික ගී ගායනා කිරිමෙනි. පිළිගැනීමේ කතාව කළ තානාපති මහින්ද සමරසිංහ මහතා, "දෙරටේ මිත්‍රත්වය ඓතිහාසිකයි. ඇමෙරිකාවේ ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණ පාසල් ඇරඔුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කළා. අපේ ආනන්ද කුමාරස්වාමි මහතා ඇතුළු අය ශ්‍රී ලංකාවේ කලාව සහ බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඔුවා. ශ්‍රී ලංකාව සුනාමියට බිලිවී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ උපකාර කළා. ඇමෙරිකානු දූ දරුවන් තම දිවා ආහාර මුදල් ශ්‍රී ලංකාවේ දූ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කළා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි" යනුවෙන් අවධාරණය කර සිටියේය.
අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා කතා කරමින් 1956 සිට US Aid ශ්‍රී ලංකවට කළ උදව් සිහිපත් කළ අතර ඉදිරියටත් උපරිම සහාය දෙන බවට ද සහතික විය. දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්ව ඉදිරියට ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.
සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා, "ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඔූවා. ඇමෙරිකානු වානිජ මණ්ඩලය සමග කතා කොට ශ්‍රී ලංකාවට උදව් කිරීමට සහ ආයෝජන ගෙන යන වැඩ පිළිවෙළ ද හදනවා. තානාපකි මහින්ද සමරසිංහගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි." යැයි අවධාරණය කළේය.
විදේශ ඇමති අලි සබ්රි මහතා කතා කරමින්, "ආර්ථිකය, සහජීවනය සහ සෙසු ක්ෂ්රේත්රවලට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සමීපතම රටක් ලෙස දැක්වූ සහාය අගය කරනවා. ඉදිරියටත් එම සුහදත්වය සහ සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද සමරසිංහ මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තර වූණා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වූණා" යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික සිංහල, දෙමළ සහ මුස්ලිම් ආහාර පානවලින් ආරාධිතයින්ට සංග්‍රහ කළ අතර සියලු සංස්කෘතීන්ට අයත් නැටුම්,ගැයුම් සහ වැයුම් ආදී කලා නිර්මාණවලින් සැදෑ සාදය වර්ණවත් වූ අතර ආරාධිතයෝ එම කලාංගවලින් ප්රමෝදයට පත් වූහ. ජයනාත වරකාගොඩ, අචිලා පෙරේරා, චතුරි, සෙරන්ඩිබ් නර්තන කණ්ඩායම සහ අංජලිකා එම ඉදිරිපත් කිරීම් සිදු කළහ. පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් සහ ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට ප්රදානය කෙරිණ.
Lanka Newsweek © 2024