Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ජනපතිට කළ හැක්කේ DW මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාවේ තහනම් කිරීම විතරයි 


2023-10-05 14332

 

So sorry Mr. President...you failed..!

 
 
(අචාර්ය මැල්කම් සන්ග්)

මගෙන් ප්‍රශ්න අහන්න උඹ කවුද..? උඹ කතා කරන්නෙ විකාර..! උඹගෙ බටහිර ආකල්ප අයින් කරල මගෙන් ප්‍රශ්න අහපන්..!කොල කෑල්ලක් බලන ගමන් උඹ විකාර කියවනව..! මේ ප්‍රශ්නය මගෙන් අහන්නවත් උඹට අයිතියක් නෑ..! උඹට කලින් මම මේ තත්ත්වයට මුහුණ දීල තියනව..! උඹට වඩා මට මේක ගැන අත්දැකීම් තියෙනවා..! උඹ දන්නෙ නෑ මම තරම්..! උඹ "Home Work" කරල ඇවිත් නෑ මගෙන් ප්‍රශ්න අහන්න..!

මේ කතා ටික මැද මූලන මනුස්සයෙක් කීව නම් පුදුම විය යුතු නෑ. මේ කතා ටික ගම සමග පිලිසඳර අතර තුර ගම්වැසියන්ට කියපු කතා ටිකක් නම් ප්‍රශ්ණයක් නෑ. නමුත් මෙහෙම කියන්නෙ කොළැඹ ඉපදුනු.. තමන්  උගත් හා ඉංග්‍රීසී කතා කරනවා යැයි හිතන... අනෙකුත් සියලුම දේශපාලකයන්ට වඩා පරිනත යැයි සිතන ලංකාවේ වර්ථමාන ජනාධිපතිවරයා විසින්.

මෙහෙම කියන්නෙ ජර්මන් ඩී ඩබ්ලිව් මාධ්‍යවේදියෙක් අමතමින්. මාධ්‍යවේදියාගේ යුතුකම ප්‍රශ්න ඇසීම...ගැටලු ඉදිරිපත් කිරීම. ජාත්‍යන්තර හා යුරෝපීය ප්‍රජාවට ඇති ප්‍රශ්න ඇසීම. එතකොට වගකීමක් ඇති...උගත් යැයි සම්මත...නායකයෙකුට පුළුවන්ද මාධ්‍යවේදියාට සන්නිවේදනය උගන්වන්න හෝ ඔහුව ලැජ්ජා කිරීමට උත්සාහ කරන්න..?

ලංකාවෙ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම අසමත් විතරක් නෙවෙයි ලැජ්ජා වෙනව ලෝකයක් ඉදිරියේ. ඒ එක්කම අහන ප්‍රශ්ණයට මෝඩ උත්තරයක් දීලා තමන්ගෙ දකුණු පැත්තෙ ඉන්න කවුරු හෝ දිහා බලනව ඒක අනුමත කර ගන්න. මේ ලක්ෂණ ගැලපෙනව රොස්මිඩ් පෙදෙසේ පක්ෂ රැස්වීමකට.

එතකොට තමයි අර එහෙයියන්ට හෝ සැට්ටඹියන්ට පුළුවන් සර් එක මරු කතාව කියල ඔළුව වනන්න. නමුත් මේ ප්‍රාථමික උප්පරවැට්ටි ජාත්‍යන්තර සාකච්ඡාවක දී වලංගු නෑ. එතනදි පැහැදිලි වෙන්නෙ තමන්ගෙ පෞර්ෂත්වය ගැන ලොකු සැකයක් තියන බව පමණයි.

කට හඬ භාවිතා කිරීම ඉතාම අසාර්ථකයි. ඒ තුල තියෙන්නෙ අපහාසාත්ම හඬක් හා මාධ්‍යවේදියා පහත් යැයි සැලකෙන හඬක් විතරයි. බටහිර තමන්ට වඩා උසස් කියන හීනමාන හැඟීම තුල පමණයි මේ වගේ ආකල්ප ඇති වෙන්නෙ. මහත්තයෝ ඔබ තුමා බීබීසී හාඩ්ටෝක් වගේ වැඩසටහනකට ගියා නම් සිද්ධ වෙන්නෙ කලිසම පුටුව ලඟ ගලවල  තියල නැගිටල එන්න.

මේ උද්දච්ඡකම... මෝඩකම...නැහැදිච්චකමෙන් ඔබතුමා ලබා ගත් කිසිම දෙයක් නැහැ. ලක්ෂමන් කදිරගාමර්...මංගල සමරවීර වගේ මහත්වරු මීට පෙර විදේශ මාධ්‍ය සමග කරපු සාකච්ඡා නරඹල යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ලංකාවට තවමත් බටහිර අප්‍රිකාවට වඩා සැලකීමක් ජාත්‍යන්තර ප්‍රජාව තුල තියනව. නමුත් මේ ප්‍රාථමික හැසිරීමෙන් ඒකත් නැති වෙන්න පුළුවන්. 

ඔබගේ වගකීම පහත් විහිළුවලින් මාධ්‍යවේදියා අපහසුතාවට පත් කිරීම නෙවෙයි. නමුත් මෙවැනි සාකච්ඡාවක් හරහා ජාත්‍යන්තර ආධාර...උපකාර...සහන ලංකාවට ලබා ගැනීම පමණයි. ඔබට කළ හැකි එක දෙයක් පමණයි. ඩී ඩබ්ලිව් මාධ්‍ය ජාලය ලංකාවේ තහනම් කරන්න පණතක් ගේන්න.

ඒක අර පාර්ලිමේන්තුව කියන තැන අනුමත කර ගෙන මමයි රජා කියන බෝඩ් එක පිටේ අලව ගන්න. මේ සාකච්ඡාවෙ බලන්න දෙයක් හෝ ඉගෙන ගන්න දෙයක්...වැදගත් කරුණක්...කිසිම දෙයක් නෑ. I am so sorry to say Mr President…you failed. You have not done your Home work. Your communication skills are very poor. Sorry.. You failed..!

 
මැල්කම් සන්ග් මහතාගේ Facebook පිටුවෙන් උපුටා ගැනුණි

 

Advertiesment