ජර්මනියේ DW News නාලිකාව එක්ක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වපු සංවාදයේ විඩියෝ එක පට්ට වෛරල් වෙලා ගියා.රනිල්ට දේශද්‍රෝහියා කියපු අය,බටහිර රූකඩය කියපු අයට රනිල් මොකාදටද මේ එන්න හදන්නේ කියලා හිතාගන්න බැරිතරමට වල්මත් වෙලා.ඒ සංවාදය ඉවර වෙනකම්ම රනිල් මලේ හිටියේ. මාධ්‍යවේදියාටත් ඉස්සෙල්ලා රනිල් දෙපාරක් සාකච්ඡාව නතර කරන්න යෝජනා කළා.
වයසට යනකොට සමහර අයට මල පනින ගතිය වැඩි වෙනවා කියලා කතාවක් තියනවා.රනිල් එහෙමවත් වුනාද?අපි ඉස්සෙල්ලාම රනිල්ගේ මේ ඇප්රෝච් එක ගැන බලන්න ඕනි.මොකද රනිල් කියුබාවෙන් ඇමරිකාවට ගිය දවසේ ඉඳන් බටහිරත් එක්ක කොක්ක පටල ගත්තා.ඒ ගමනේ රනිල් කියපු ජනප්‍රියම කතාව උනේ,ඔයා පක්ෂපාතී ඉන්දියාවටද නැත්තං චීනයටද කියලා අහපු ප්‍රශ්නයට රනිල් දුන්න උත්තරේ.රනිල් කිවිවේ මම ඒ දෙකටම පක්ෂපාතී නෑ.
මම පක්ෂපාතී ශ්‍රී ලංකාවට කියලා.ඇත්තටම දැන් රනිල් කියන්නේ ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ දැවැන්තයෙක්.එහෙම හතර වචටේට නෙලලා ෆෝම් පිට හිටිය රනිල් එක්ක තමයි DW news මාධ්‍යවේදියා පැටලුනේ. මාධ්‍යවේදියා ඇහුවේ අගහරු ලෝකය ගැන ප්‍රශ්න නෙවෙයිනේ. හැමදාම අහන ප්‍රශ්න ටික හැහුවා. ලංකාවේ දුප්පත්කම ගැන,ආර්ථික අර්බුදය ගැන චැනල් 4 වාර්තා චිත්‍රපටිය ගැන,ඒ වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවද නැද්ද කියන එක ගැන,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් වාර්තා ගැන ඕවා තමයි ඇහුවේ.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්න ටික සංෂිප්ත කලොත් ඔය ටිකනේ අහන්නේ.ඉතින් රනිල් ඔය ප්‍රශ්න ටිකට කීපාරක් නං උත්තර දීලා තියනවාද?එතකොට අපට එන ප්රශ්නය තමයි ඇයි එහෙනං රනිල්ට මල පැන්නේ කියලා.සමහරවිට කාට හරි හිතෙන්න පුළුවන් එකම ප්‍රශ්න ටික දිගටම අහන හින්දා මල පැන්නාවත්ද කියලා.නිකං හිතන්නකේ ඒ ප්‍රශ්න ටික අහනකොට රනිල් දෙන උත්තරේ මොකද්ද කියලා අපටත් හිතාගන්න පුළුවන්.ඒ තරං රනිල් ඔය ප්‍රශ්නාවලියට උත්තරය දීලා තියනවා.
එහෙනං රනිල්ට මොකද්ද වුනේ?රනිලුත් එකපාරට මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.රටේ රාළ කියන්නේ රනිල් ගැහුවේ ප්රශ්නවලටවත්, ප්‍රශ්න අහන මාධ්යවේදියාටවත්, මිනිහගේ පණ්ඩිතකමටවත් නෙවෙයි.රනිල් ගැහුවේ බටහිර අධිරාජ්‍යවාදයේ තියන උද්දච්චකමට.බටහිර ආධිපත්‍යයේ තියන තක්කඩිකමට.ලෝකයම මංකොල්ල කාගෙන ගිහින් යහමින් වැජඹෙන බටහිර නරුමකමට.ඒවා සාධාරණීකරණය කරන්න හදලා තියන බටහිරට මතවාදයට. ඇත්තටම රනිල් ඒ ගහපු ගැහිල්ල හොඳයි.
එහෙම ගැහිල්ලක් මෑතකාලීන ඉතිහාසේ රාජ්‍ය නායකයෙක් ගහලා නෑ.දැන් බටහිර ඔලොගුව දාගෙන, Western culture එක වැලදගෙන ඉන්න අපේ ලිබරල් බයියන්ට මොනවා වෙලා ඇද්ද?තවදුරටත් ලිබරල් ඔලගුව ඇතුලේ ඉන්නවද, යනවද කියලා හිතාගන්න බැරිව ඇති.රනිල් වටේටත් එහෙම සෙට් එකක් ඉන්නවා.පව් ඒ හාදයෝ. ඇත්තටම බටහිර තක්කඩිකමට ගහන මේ මිනිහා කවුද?වෙන කවුරුත් නෙවෙයි මේ ගහන්නේ පෙරදිග කලාපයේ ඉන්න හොදම ලිබරල් වාදීන්ගෙන් එක්කෙනෙක්.
ඇත්තටම එතනදී රනිල්ගෙන් අහපු හැම ප්‍රශ්නයක් ඇතුලේම හංගපු තවත් ප්‍රශ්නයක් තිබුණා.රනිල් කළේ මතුපිටන් අහන ප්‍රශ්නයට උත්තර දෙන ගමන් හංගලා තියන ප්‍රශ්නයත් උඩට අරන් ඒකට රිදෙන්න ගැහපු එකයි.බටහිර කඳවුර ලෝකය ඇතුලේ කරන අශිෂ්ඨ වැඩ ගැන රනිල් ප්‍රශ්න කළා. රනිල් ඇහුවේ කෝ ජර්මනියේ ජාත්‍යන්තර පරීක්ෂණ කියලා,කෝ එංගලන්තයේ තියන ප්‍රශ්න ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කියලයි.ඇයි අපට විතරයක් ජාත්‍යන්තර පරීක්ෂණය කියලයි. ඇයි ආසියාවට විතරක් ජාත්‍යන්තර පරීක්ෂණ කියලයි.
අද බටහිර ආධිපත්‍යයේ අලුත්ම බිල්ල බවට පත් කරගෙන තියෙන්නේ ආසියාව. ආසියාව ගිල ගන්න එයාලා පාව්ච්චි කරන එක අවියක් තමයි මානව හිමිකම්.බටහිරට සංස්කෘතික මේ කලාපයට වේගයෙන් පොම්ප කිරීම තවත් එකක්.නැති ශිෂ්ඨත්වයක් පෙන්නලා බටහිර සංස්කෘතික තමයි හරි කියලා මතයක් හදලා, බටහිර දැනුම තමයි හරි කියලා මතයක් හදලා,බටහිර නිවුස් තමයි ඇත්ත කියලා මුලාවක් හදලා. එහෙම කරලා තමයි ආසියානු මනසට ඉන්ජෙක්ෂන් එක දෙන්නේ.
මුලදීම වෛරස් ගාඩ් එකක් දාගෙන හිටියේ නැත්තං වැඩේට අහුවෙනවා.එයාලා ඔය වැඩේ අප්‍රිකාවට කළා.ඒ ලණුව කාපු අප්‍රිකානුවෝ මවාගත්ත බටහිර සුරපුරයක් වෙනුවෙන් අප්‍රිකාව බිලි දුන්නා.දැන් ඒ ඉලක්කය ආසියාව පැත්තට හරවලා.එතනදී තමයි ඔය රනිල් කියන වැඩේ වෙන්නේ. ලෝකය ඇතුලේ ආසියානුවා සුද්දගේ අත පල්ලෙන් වැටුන දෙවෙනි පෙල පුරවැසියෙක් කරන එක.එහෙම කරලා අපට කියනවා උඹලත් අපේ බටහිර ශිෂ්ඨත්වයට අනුගත වෙයල්ලා කියලා.
අපේ ගොං ලිබරල් බයියොත් ඒකමනේ දිගටම කියන්නේ.සුද්දා එනකොට අපි ගස් ගල්වලට වැඳ වැඳ හිටපු ජාතියක් කියලා.බටහිර දැනුම වගේම පෙරදිග දැනුමත් ලෝකයට අයිතියි දෙයක්.දැනුම කවුරු කොතන ඉදන් ගොඩනැගුවත් ඒක අයිති මානව සමාජයට.ඒකයි ඇත්ත.එහෙම නැතිව කවදාවත් බටහිර දැනුම කියන්නේ පරම සත්‍යය නෙවෙයි. රනිල් ගහන්නේ අන්න ඒ බටහිර උද්දච්චකමට.මෙතනදී රනිල්ගේ තවත් සුවිශේෂත්වයක් රටේ රාළ දකිනවා.
රනිල් මේ රටේ ඉන්න තමන්ගේ දේශපාලන විරුද්ධවාදින්වත් පාවලා දුන්නේ නෑ.රනිල් එතනදී ආණ්ඩුව නියෝජනය කළේ නෑ. රනිල් නියෝජනය කළේ රට.ශ්‍රී ලාංකික ජාතිය.ඒ හැමෝගෙම නායකයා විදිහටයි රනිල් පෙනී හිටියා.රනිල් කවුරුත් වැරදිකාරයා කරන්න ගියේ නෑ.රනිල් කිව්වේ පරීක්ෂණයක් කරනවා.ඒක අපේ රටේ පරීක්ෂණයක්.ඒක ස්වාධීනව කරනවා කියලා විතරයි.මුලදී ජාත්‍යන්තර පරීක්ෂණය ඉල්ලපු හැම කෙනාම දැන් අකුලගෙන. සජිත් මුලදී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවා.
මෛත්‍රි ඉල්ලුවා,ඒ විතරක් නෙවෙයි කාදිනලුත් ඉල්ලුවා.හැබැයි ඒ ඔක්කොම දැන් ජාත්‍යන්තර පරීක්ෂණ ගැන No කතා.රටේ රාළ දිගටම කිව්වේ ස්වාධීන දේශීය පරීකීෂණයක් ඕනි කියලයි, ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න රටකට බාර දෙන්න එපා කියලා රටේ රාළ කිව්වා.මොකද අන්තිමට ඒ පරීක්ෂණය ඒ රටේ රාජ්‍ය තාන්ත්‍රික සහ භූ දේශපාලන උවමනා එක්ක ගැට ගැහෙන්න පුළුවන් කියලා.අපේ පරීක්ෂණයකට සහය ගන්න පුළුවන් ආයතන ලෝකයේ තියනවා.
ඒවා එක්සත් ජාතින් යටතේ තියන ආයතන.දැන් ඒවත් ගොඩක් බටහිර පදයට නතු වෙලා ඉවරයි. අපි ගිය අවුරුද්දේ මුහුණ දුන්න ආර්ථික අර්බුදය ගැන ඔයාලා දන්නවා. කන්න නැතිව,බෙහෙත් නැතිව, තෙල් පෝලිම්වල,හාල් පෝලිමිවල මිනිස්සු මැරිලා වැටුනා.හැබැයි ඔය මොන ජාත්‍යන්තර සංවිධානයද අපිට දැනෙන උදව්වක් කළේ.IMF එක අපට කීයක්වත් දුන්නද?ඇත්තටම ඒ වෙලාවේම අපට ආධාරයක් බැරි නං ක්ෂණික සහන ණයක් දෙන්න ඕනි.
හැබැයි අපේ බෙල්ලෙන් අල්ලාගෙන සියලු කොන්දේසි දාලා ණයක් දුන්නා මිසක් වෙන මොනවද කළේ. හැබැයි ඒ IMF එකම කොහොමද නේටෝවේ පදයට නටන,නේටෝ Project එක එලලා තියන යුක්රේනයට බිලියනයක ගනන් ආධාර දුන්න හැටි.එතකොට එතන යුධයක් හදලා මිනිස්සු මරන්න ආධාර දුන්න IMF එක මෙහේ වෙච්චි මානව ඛේදවාචකය දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.අපි එයාගේ කොන්දේසි සපුරන කං සතපහක් දුන්නේ නෑ.ඔන්න ඕක තමයි බටහිර එලියට පෙන්නන්න මනුස්සකම ඇතුලේ තියෙන්නේ.
ඒක නිසයි අපි මේ රටේ තක්කඩ් විපක්ෂයට කිව්වේ ජාතික එකඟතා වැඩපිලිවෙලක් යටතේ මේ රට ගොඩ නගලා අතහරින්න පුළුවන් පළවෙනි මොහොතේම IMF වගේ දුෂ්ඨ ආයතන අතාරිමු කියලා. ඇත්තටම අපට රනිල්ට කරන්න තියෙන්නෙත් ඒ යෝජනාවම තමයි. බටහිර ඉදිරියේ දෙකට නැමෙන්නේ නැතිව එකට ගොඩයන්න පුළුවන් මිත්‍ර ජාතීන් අපි ලෝකයෙන් හොයා ගන්න ඕනි.රටේ රාළ කියන්නේ රනිල්ගේ මේ interview එක ඇතුලේ බටහිරට ගහන ගමන් රාජපක්ෂලාටත් ගහලා තියනවා.
රනිල් ජාත්‍යන්තර පරීක්ෂණයක් කියන මතවාද දේශීය පරීක්ෂණයක් කියන තැනට මාරු කරගෙන ඒක තහවුරු කරගෙනත් තියනවා.දැන් රාජපක්ෂලාගේ පණ නල තියෙන්නේ ජාත්‍යන්තරය අතේ නෙවෙයි රනිල් අතේ.ජාත්‍යන්තර පරීක්ෂණ චෝදනාවකදී චෝදනාව එන්නේ අපේ රටට.රටට ඇවිත් තමයි රාජපක්ෂලාට එන්නේ. හැබැයි දේශීය පරීක්ෂණය හරියට කලොත් රටේ කීර්තිනාමය උඩට ඇවිත් ඊට අදාල පුද්ගලයෝ වැරදිකාරයෝ වෙයි.
ඇත්තටම යුද්ධය අවසානයේදිත් ඒ වගේ දේශීය පරීක්ෂණයට යන්න තිබුණා.එහෙම කලා නං රට වෙනුවෙන් යුද්ධ කරපු අපේ හමුදාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වෙන්නේ නෑ.රාජපක්ෂලා ඒක කළේ නැත්තේ ආරක්ෂක හමුදාව ඇතුලේ හිටපු රාජපක්ෂ බත්බැල සේනාවේ අපරාධ වහගන්න. රනිල් ගත්ත මේ ප්‍රවේශය හොදයි.හැබැයි කටින් බතල හිටවලා විතරක් නං වැඩක් නෑ.බටහිර මර උගුලෙන් නිදහස් වෙන්න පාරකුත් හොයා ගන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024