Monday 7th of October 2024

English Tamil
Advertiesment


පිළිකා රෝගීන්ට සලකන හැටි ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක් 


2023-10-04 14493

 

විදේශ රටවල තිරිසන් සතුන් වෙනුවෙන් වත් යොදා නොගන්නා උපකරණ ශ්‍රී ලංකාවේ අන්ත අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා ( 4) චෝදනා කර සිටියේය.

බදුල්ල-රත්නපුර-හම්බන්තොට-කුරුණෑගල සහ අනුරාධපුර යන රෝහල්වලටත් "ලිනියා එක්සලේටර්" විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසූ අතර ඔහු මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ  ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

"වසරකට පිළිකා රෝගීන් තිස් දහසක් පමණ අපේ රටේ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර ලබා දීම තමයි අඩු වියදම් ක්‍රමය. "ලිනියා එක්සලේටර්"  උපකරණය තමයි පාවිච්චි කළ යුත්තේ. ඒ තමයි නවීනතම උපකරණය. අපේ රටේ තවමත් "කෝබෝල්ට්" උපකරණ පාවිච්චි කරනවා. නමුත් පිටරට සතුන්ටවත් ඒ උපකරණය පාවිච්චි කරන්නේ නැහැ. "ලිනියා එක්සලේටර්" උපකරණය  යාපනය-මඩකලපුව-කරාපිටිය-මහනුවර යන රෝහල්වලට ලබා දී තිබෙනවා. බදුල්ල රත්නපුර-හම්බන්තොට-කුරුණෑගල සහ අනුරාධපුර යන අනෙක් රෝහල්වලටත් ඒ උපකරණය ලබා දිය යුතුයි."

Advertiesment