ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න කියලා පක්ෂ සභාපති මෛත්‍රී එවලා තිබුණ ලිපියට දයාසිරි ලබාගෙන තිබුණ වාරණ නියෝගය ඉවත් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කරලා තියෙනවා.ඒ නියෝගයත් එක්ක ඒ සම්බන්ධව දයාසිරිට ලැබිලා තිබුණ නිතිමය රැවරණයක් තවදුරටත් ලැබෙයි කියලා හිතන්න බෑ.
නීතිමය රැකවරණය ඉවත්වීමත් එක්ක දයාසිරි තාවකාලිකව කල්දාගෙන තිබුණ ප්‍රශ්නයට ආයෙත් මුහුණ දෙන්න වෙනවා.දැන් දයාසිරි ශ්‍රිලනිපයේ විතරක් නෙවෙයි තවත් කණ්ඩායම් ගණනාවකම පොදු හතුරා වෙලා, නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායම,ලන්සගේ කණ්ඩායම හැරුනහම ඩලස්ගේ කණ්ඩායමේ ඉන්න සමහරුත් දැන් දයාසිරිට කෝචොක් දාන්න පටන් අරන්.මේ තත්වය යටතේ මොකද කරන්න ඕනි කියන එක තීරණය ගන්න ඕනි දයාසිරිම තමයි.කොහොම උනත් මෙතැනදී දයාසිරිට තියෙන්නේ Options තුනයි.
එකක් තමයි යටත්වීම.අනික ශ්‍රිලනිපයට අභියෝග කිරීම,තුන්වෙනි එක වෙනත් දේශපාලන විකල්පයක් තේරීම.ඔය තුන හැර උත්තරක් මේ මොහොතේ දයාසිරිට නෑ. යටත්වීම කියන උත්තරය දයාසිරි තෝරයිද කියලා කියන්න බෑ.මොකද දේශපාලනයේ යටත් වෙන අයට වෙන්නේ දිගටම යටත් වෙන්න.යටත්වීමට මෙහා තවත් උත්තර තිබුණත් ඒවා මෙතෙන්ට ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ.යටත්වීමට මෙහා සාම සාකච්චා තියනවා,සටන් විරාම තියනවා.
මෙතන දැන් තියන තත්වයත් එක්ක ඒවට යන්න තියන ඉඩ ගොඩක් අඩුයි.යටත්වීම තෝරනවා නම් දයාසිරිට වෙන්නේ ගෙඩිය පිටින්ම යටත් වෙන්න.ඊළඟ Option එක තමයි ශ්‍රිලනිපයට අභියෝග කිරීම.මේ වෙලාවේ ඒකත් දයාසිරිට සෑහෙන අමාරු වැඩක්.මොකද දැන් ශ්‍රිලනිපයේ පොදු හතුරා බවට දයාසිරි පත්වෙලා ඉවරයි.දයාසිරි ලැබෙයි කියලා විශ්වාස කරපු නීතිමය රැකවරණයත් දැන් නැති හින්දා ඒක තවත් අමාරුයි.පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉන්නේ දයාසිරිට විරුද්ධ තැනක.
සමහරවිට දයාසිරිට පක්ෂව හිටපු අයත් දැන් හෙලවිලා ඇති.ඒ වගේ තත්වයක් යටතේ තමයි මෛත්‍රි එවලා තියන චෝදනා පත්‍රයට දයාසිරිට උත්තර බදින්න වෙන්නේ.2023 පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදීමේදී ඇප මුදල් තැන්නත් කිරීම පක්ෂ දේශපාලන මණ්ඩලයයේ අනුමැතියකින් තොරව සිදු කිරීම,එකී ඇප මුදල් තැන්පත් කළ නිදහස ජනතා සන්ධානයට පක්ෂ කාර්යාලයේ ලිපිනය අනුමැතියකින් තොරව ලබාදීම, නිදහස් පක්ෂ සංවිධායකයින්ට පරුෂ වචනයෙන් බැන වැදීම,පක්ෂ ලේකම්වරයාට ලෙස සිය වගකීම් ඉටු නොකිරීම සහ පක්ෂ නායකත්වය විවේචනය කිරීම තමයි දයාසිරිට තියන චෝදනා.
සමහර කරුණු සම්බන්ධව විඩියෝ සාක්ෂි පවා තියන බවට ශ්‍රිලනිපය අභයන්තර ආරංචි මාර්ගවලින් තහවුරු වෙලා තියනවා. ඇත්තටම මෙතනදී මෙහෙම සැකයකුත් එනවා දයාසිරි හෙලිකොප්ටරයේ රැඳී හිටියේ ශ්‍රිලනිප කැමැත්තකින් තොරව තනි කැමැත්තට.දයාසිරිට පක්ෂව හිටියේ තිලංග විතරයි.රටේ රාළට හිතෙන්නේ ශ්‍රිලනිපය හෙලිකොප්ටරයෙන් බැහැපු දවසේ පටන් දයාසිරිට ගේම දෙන සැලැස්මක් ශ්‍රිලනිපය ඇතුලේ තිබිලා තියනවා.කොහොම උනත් මේ චෝදනාවලට දයාසිරි දින 14 ක් ඇතුළත උත්තර යවන්න ඕනි.
ඒකෙන් පස්සේ තමයි විනය පරීක්ෂණය කැඳවනවා ඇත්තේ.විනය පරීක්ෂණයට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් කමිටුවක් පත් කරන්න ඕනි.මේ සියල්ල දිහා බැලුවහම පේන්නේ දයාසිරිගේ ශ්‍රිලනිප සාමාජිකත්වය අහෝසි වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි කියලයි.ඒ වගේ තත්වයක් තුල තවදුරත් ශ්‍රිලනිපයට අභියෝග කරනවාද කියන ප්රශ්නය දයාසිරිට තියනවා.ඇත්තටම අභියෝග කරන එකේ තේරුම මොකද්ද?එහෙම කළා කියලා දයාසිරිට ශ්‍රිලනිප ඇතුළට එන්න හම්බවෙන්නේ නෑ.
සමහරවිට යටත්වීම විසින් ඇතුලට යන්න චාන්ස් එකක් හම්බ උනත් අභියෝග කිරිම විසින් ඒ අවස්ථාව එන්නේ නෑ.රටේ රාළ කියන්නේ දයාසිරිට යටත් වෙන්න කියලා නෙවෙයි.අපි හිතමු දයාසිරි ශ්‍රිලනිපයට අභියෝග කළා කියලා.ඒකට දයාසිරිට ක්‍රම දෙකක් තියනවා.ඒකට මධ්‍යම කාරක සභාවේ නැති උනත් ශ්‍රිලනිපය ඇතුලේ දයාසිරට පිරිසක් ඉන්න ඕනි.අඩුම ගානේ ශ්‍රිලනිප ආසන සංවිධායකයෝ අතරවත් බලයක් දයාසිරිට තියෙන්න ඕනි.මොකද දයාසිරි වෙනුවෙන් ශ්‍රිලනිපය ඇතුලේ හඩක් නැගෙන්න ඕනි.
එහෙම වෙනවා නං ඒකට බැට් කරන්න දයාසිරිට එළියේ ඉඳන් පුළුවන්.එතනදී ශ්‍රිලනිපයට වැඩිය points දයාසිරිට තියනවා. මොකද දයාසිරිට කෙලින්ම ආණ්ඩු විරෝධය නියෝජනය කරන්න පුළුවන්.දයාසිරි ශ්‍රිලනිපට විකල්ප පෙරමුණක් හදන්න හදනවා කියන කට කතාවත් යනවා.සාමාන්‍යයෙන් දයාසිරි එහෙම එකතුවක් හැදුවත් ඒක හදන්නේ සන්ධානයක් ඉළක්ක කරගෙන.දයාසිරිට එල්ල වෙලා තියන චෝදනාවලින් බහුතරයක් හෙලිකොප්ටර් සන්ධානයට අදාලව.
ශ්‍රිලනිපය ඇතුලේ හෙලිකොප්ටර් විරෝධය මතු වෙද්දී පවා දයාසිරි ඒක නොසලකා වැඩ කළා.ඒ දයාසිරිගේ තියන සන්ධාන මානසිකත්වය හින්දා වෙන්න ඇති.මොකද දයාසිරි දන්නවා ඊළගට මැතිවරණය කියන්නේ සන්ධාන,සන්ධාන අතර තරගයක්.එතනදී දේශපාලනිකව හිතුවොත් දයාසිරි හරි.ඒ උනත් හෙලිකොප්ටර් සන්ධානය ශ්‍රිලනිපයට ජයග්‍රහණ ගේන්න බෑ.දයාසිරිට ඒක තේරුම් ගන්න බැරිවුනා.දයාසිරිට තියන තුන්වෙනි Option එක දේශපාලන තීරණයක් ගන්න එක. දයාසිරිට ශ්‍රිලනිපයේ දොර වැහිලා නං දයාසිරිට හිතන්න වෙන්නේ සජබය,එජාපය සහ පොහොට්ටුව ගැන.
මාලිමාවට ගැන හිතුවට වැඩක් වෙන්නේ නෑ.එහෙමත් නැත්තං විමල්ලා,ගම්මන්පිලා එක්ක මොකක් හරි සන්ධානයක් අටව ගන්න පුළුවන්.මෙතනදී පොහොට්ටුවට සම්බන්ධ වෙන එක තරම් මෝඩ තීරණයක් තවත් නෑ. ඊළගට විමල්ලා,ගම්මන්පිලලා හදන සන්ධානය,ඩලස්ලා හදනවා කියන සන්ධානය අහසේ තියන ඒවා මිසක් මහ පොලොවේ පැලකරන්න පුළුවන් ඒවා නෙවෙයි.ඇත්තටම එයාලත් මොකක් හරි කදවුරක් හොයනවා. එයාලා හදන්නේ මොකක්ද හරි පොඩි කූඩාරමක් ගහගෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් තෝරගෙන ඒ වෙදිකාවට නැගලා මනාප ටිකක් කොල්ලකන්න.
හැබැයි මේ පාර ඒ දොර ඇරෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි.මොකද ජනාධිපතිවරණය එනකොට විමල්ලා වාටියෙනුත් එහාට විසිවෙලා තියෙයි.ඊළගට තියෙන්නේ සජබය සහ එජාපය.දයාසිරි විපක්ෂයේ හින්දා මේ දෙකෙන් වැඩිය කිට්ටු සජබයට.දයාසිරි සජබයට යනවා නම් දයාසිරිට නවතින්න වෙන්නේ එජාපයේ.මොකද සජබ බහුතරය එජාපයට යනවා.ඒක සම්බන්ධව දැනටමත් අතිශයින් විශ්වාස තොරතුරු රටේ රාළට තියනවා.ඇත්තටම ජනධිපතිවරණය එනකොට සජබයට ගොඩක් අබලන් වෙලා තියෙයි.
ඒක නිසා දැන් දයාසිරිට හිතන්න තියෙන්නේ එජාපය ගැන.දයාසිරිට හොඳම තීරණය එජාපයට යන එක කියලා රටේ රාළ කියන්නේ නෑ.මොකද ඊළඟට එජාපය කියලා එකක් ඡන්දයට එන්නේ නෑ.එන්නේ එජාපය ඉන්න සන්ධානයක්.ඒ සන්ධානය ඇතුලේ දයාසිරිට චාන්ස් එකක් ගන්න පුළුවන්.දයාසිරිට එතෙන්ට යන්න වෙන්නේ කොහොමද කියන්න රටේ රාළ දන්නේ නෑ.සමහරවිට එජාපය හරහා වෙන්නත් පුළුවන්.එහෙම ගියොත් දයාසිරිට ටික දවසක් යනකොට ශ්‍රිලනිපයේ කට්ටිය,ලන්සලාගේ කට්ටිය,ඩලස්ගේ, විමල්ගේ සමහර අය එහේදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා.
දයාසිරි කලින් ගියොත් ඒ සන්ධානයේ ජේෂ්ඨයෙක් වෙලා ඉන්නත් පුළුවන්.කට්ටිය එනකොට දයාසිරිට සීට් එකක් වෙන් කරගෙන.කට්ටිය සීට්වලට පොරකන හැටි බලාගෙන ඉන්නත් පුළුවන්.මොකද මේ යන විදිහට නං ඔය කට්ටිය ඔක්කොම නතර වෙන්නේ එතන.අපායට උනත් කලින් යන එක හොඳයි කියලා කතාවක් තියනවනේ. දයාසිරිගේ පැත්තෙන් බැලුවම හොඳමදේ ඒක කියලා එක වෙලාවක දයාසිරිට හිතෙන්න පුළුවන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Lanka Newsweek © 2024