Monday 7th of October 2024

English Tamil
Advertiesment


කොරෝනා අවදානම මුලින්ම පෙන්වා දුන් සජිත් නීපා ගැනත් අනතුරු අඟවයි 


2023-09-23 14491

 

නීපා මරණ අනුපාතය 40%ත් 75%ත් අතර 

 

ඉතා භයානකයි-වහා පියවර ගනු 


නීපා වෛරසය මැඩපවත්වා ශ්‍රී ලාංකේය ජනතාව එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේ සිටම දැඩි   අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

නීපා වෛරසය ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත්, එම වෛරසය දැඩි අවදානමක් සහිත වෛරසයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පසුබිමක, එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති කළ හැකි සෞඛ්‍යමය අවදානම සලකා දැඩි අවධානයක් ඒ සඳහා යොමු කළ යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මෙම වෛරසයේ මරණ අනුපාතය 40%ත් 75%ත් අතර පවතින බවට දැනුම් දී ඇති බැවින් එම තත්ත්වය දැඩිව සැලකිල්ලට ගත යුතු බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා මෙම වෛරසය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දිය යුතු යැයි ද අවධාරණය කර සිටියි.

Advertiesment