ඊයේ 29 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බල මණ්ඩල තිබුණා.එජාප උතුරු කොළඹ ආසන සංවිධායකයා රවී.ඊට අමතරව රවී එජාප උප සභාපති වගේම කොළඹ දිස්ත්‍රික් නායකයා. රවීගේ උතුරු කොළඹ ආසන බල මණ්ඩලයෙන් සෑහෙන දේශපාලන ඉඟිබිඟි ටිකක් ඊයේ එලියට ආවා.එජාපය පැත්තෙන් හිතුවොත් සෑහෙන සාර්ථක බල මණ්ඩලයක් රවී කළා.රටේ රාළ එහෙම කියන්නේ අර ජයග්‍රාහී මනස ආවම ෆෝම් වෙලා ඔල්වරසන් දෙන යූඑන්පීකාරයෝ ටික සෑහෙන කාලයකට පස්සේ දැක්කා.සජබයට ටිකක් ඉරිසියාව සහ බය හිතෙන මට්ටමේ වැඩක් රවී ඊයේ කළා.
රවීගේ ආසන බල මණ්ඩලයේ තේමා පාඨය වුනේ " කොළඹින් පටන් ගමු " කියලයි.රටේ රාළට අද කතා කරන්න හිතුනේ ඒ ගැන. මෙච්චර කල් ලොකු සද්ධ බද්ධ නොදා හිටපු රවී එක පාරටම කොළඹින් පටන් ගන්න හදන්නේ මොකද්ද?රවීගේ කතාව අස්සේ පටන් ගන්න හදන වැඩේ මොකද්ද කියලා පැහැදිලිව තිබුණා.රවීලා මේ කොළඹින් පටන් ගමු කියන්නේ වෙන මොකවත් නෙවෙයි 2024 රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක. රවිගේ කතාවෙන් 2024 ජනාධිපති අපේක්ෂකයා රනිල් බව තහවුරුයි.රවී මෙතනදී අනුගමනය කළේ සෑහෙන දියුණු දේශපාලන උපක්‍රමයක්.ඒ කියන්නේ රනිල් යටතේ හැදෙන සන්ධානයට හානි නොවන විදිහච වැඩේ කළා.රවී කළේ රවී යූ.එන්.පී වෙලා රනිල් නිර්පාක්ෂික කරන එකයි.
ඇත්තටම පොහොටුවට ඕනිත් ඒක.රනිල්ට ඕනිත් එක.රවී හරියටම රනිල්ගේ උපදෙස් සහිතව point වලට ගැහුවා.ඒකෙන් පැහැදිලි වෙන්නේ රනිල් අපේක්ෂකයා විදිහට එන්නේ නව සන්ධානයකින් වගේම සන්ධානේ වැඩෙත් යනවා කියන එකයි.රවී කියන කවුරුත් එකතු වෙලා රට හදන්න ඕනි කියන එක ඇතුලේ තියෙන්නේ සන්ධානයේ කතාව සහ ඒ සන්ධානයට යූඑන්පිය පැත්තෙන් කරන ආරාධනාව.ඒ වගේම රවීන් ඒ සන්ධානයේ පොරක් වගේ හිතන කෙනෙකුට හිතාගන්නත් ඕනි පුළුවන්.කොහොමත් එජාපය ඒ සන්ධානය නියෝජනය වීම අනිවාර්යයි. හැබැයි එජාපය ඒ සන්ධානය නියෝජනය කරන්න ඕනි අසරණයෙක් විදිහට නෙවෙයි. ඒක කරන්න ඕනි කොහොමද කියලා රවී එජාපයට පෙන්නලා දීලා තියනවා.රවී කතා කළේ ඩීඑස්,ජේආර්,රනිල් එක තලයක තියලා.
ඩීඑස් සම්බන්ධ අපට ලොකු විසංවාදයක් නැති වුනත් ජේආර් සම්බන්ධව අපට ලොකු විවේචනයක් තියනවා.ජේආර් නෙවෙයි රනිල් සම්බන්ධවත් අපට විවේචනයක් තියනවා. හැබැයි ඒක වෙනම කතාවක් මෙතනදී රටේ රාළ කියන්න හදන්නේ රවී අනුගමනය කරපු උපක්‍රම ගැන විතරයි.රවී එතනදී උපක්‍රම දෙකක් අනුගමනය කළා.රවී පෙන්නන්න හැදුවේ පොදු සන්ධානයේ නායකයා එජාප නායකයා වීමෙන් පොදු සටනකට නායකත්වය දෙන්න පුළුවන් සියලු බලවේග එකතු කරන්න පුළුවන් නායකයා රනිල් කියලයි.තමන්ගේ නායකයා නායකත්වය දෙන සන්ධානයට එජාප ශක්තිමත්ව යන්න ඕනි බව රවී පෙන්නුවා.රවී ඒක පෙන්නුවේ අති සාර්ථක බල මණ්ඩලයක් කරලා.ඒ මට්ටමේ බලමණ්ඩලයක් කිරීමෙන් රවී එජාපයට කිව්වේ නායකයාගේ පානෙන් ඒ සන්ධානයට රිංගන්නේ නැතිව ශක්තිමත් පක්ෂයක් විදිහට එතෙන්ට යන්න ඕනි කියන එකයි.ඇත්තටම එජාපය ඇතුලේ රනිල්ට සමපාත කරලා හිතන්න පුළුවන් නායකත්වයන් දෙකක් තිබුණා.
එක් කෙනෙක් මංගල.එජාප පාක්ෂිකයන්ගේ අවාසනාවට මංගල අවසන් ගමන් ගියා. ඊළගට රනිල්ට සමපාත වෙන්නේ රවී. මොකද රවීගේ සහ රනිල්ගේ දේශපාලන සහ ආර්ථික දෘෂිටිවාදයන් ගොඩක් දුරට සමාන බවක් පේනවා.මෙතනදී රවී විපක්ෂයටත් ලොකු පණිවිඩයක් දීලා තියනවා.සජිත් සහ ඩලස්ලා දැන් ඉන්නේ සන්ධාන ගතවෙලා.හැබැයි සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සජිත්.නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ඩලස්.එතකොට සජිත් සහ ඩලස්ලා හදලා තියන සන්ධානේ අපේක්ෂකයා කවුද?ඒකට සජිත් සහ ඩලස් අතර තරගයක් තියන බව පේනවා.ඒක තහවුරු වෙන්නේ ඩලස් විමල්ලාගේ උත්තර ලංකා එකත් එක්ක කරපු සාකච්ඡාවෙන්.එතනදී මාධ්‍යවලට ඇවිත් තිබුණේ විමලුත් ජනාධිපති අපේක්ෂකයෙක් කරන්න ඕනි කියලයි.ඒ කියන්නේ උත්තර ලංකා එකේ ජනාධිපති අපේක්ෂකයා විමල්.රටේ රාළ ඉතා වගකීමෙන් කියනවා ඕක plant කරපු නිව්ස් එකක්.
විමල්ගේ එකඟතාවයෙන් ඩලස්ලා plant කරපු news එකක්.මොකද ඒ නිව්ස් එක විමල්ගේ සී නිවුස් එකෙත් ගියා.ඒ කියන්නේ ඩලස් ජනාධිපති පොර පිටියට තවත් චරිත ගෙනත් දානවා.ගෙනත් දාලා විපක්ෂයේ වෙන්ඩ ජනාධිපතිලාගේ ගොඩ වැඩි කරනවා. එතකොට සමානයෝ කීපදෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලනවා. ඊට පස්සේ ඩලස් ගෙනාපු අය ඩලස්ට දෙනවා නං අපි අයින් වෙන්නං කියන තර්කය දානවා. ඕක තමයි ඔතන ප්ලෑන් එක.ඩලස් මේ දවස්වල කරන්නේ වෙන්ඩ ජනාධේපති පුටු ටික තමන්ගේ හිතවතුන්ගෙන් පුරවන එක.ඒ බලපෑම හමුවේ ඩලස් ඡනාධිපති අපේක්ෂකයා වෙලා සජිත් අගමැති අපේක්ෂකයා කරලා සජබ ඡන්දවලින් ඩලස් ජනාධිපති වෙනවා.ඒක වෙන නොවෙන්න එක වෙනම කතාවක් හැබැයි ඩලස්ලා දුවන්නේ ඒ plan එකට.අද රවී කිව්වේ මේ පැත්තේ ජනාධිපති අපේකෂකයා ෂුවර් කියලයි.විපක්ෂ තවමත් අපේක්ෂකයෙක් හොයද්දී මේ පැත්ත රනිල් අපේක්ෂකයා කරලා සන්ධානයක් හදන්නත් ලෑස්තියි.
ඇත්තටම මේ වෙලාවේ එජාප උපක්‍රම වෙන්න ඕනි පොදු ගමනක් යන එකයි.ඒ පොදු ගමන ඇතුලේ රනිල් දිනුවොත් එජාපයටත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු වාසියක් වෙනවා.රටේ රාළ කියන්නේ නෑ ඒ මැතිවරණයෙන් එජාපය බලය ගන්නවා කියලා.ජනාධිපතිවරණය රනිල් දිනුවොත් රනිල්ට ආණ්ඩුව පවත්වාගෙන යන්න තීරණාත්මක එක බලයක් බවට එජාපයට පත්වෙන්න පුළුවන් වෙයි.හැබැයි එතෙන්ට යන්න එජාපයට තවත් පිම්මක් පනින්න තියනවා.ඒ එජාප ප්රතිසංවිධාන වැඩපිලිවෙල ඇතුලේ එජාපය පක්ෂ ධූරාවලිය ශක්තිමත් කිරීමයි.පක්ෂය රැකගෙන පොදු ගමනක් යන්න පුලුවන් මිනිස්සු දැන් එජාප නායකත්වයට ඕනි.එහෙම නැතිව හදන සන්ධානයත් එක්ක අලියා ලකුණ නැතිව යන්න බෑ කියන යූඑන්පී බයියෝ නං දාගෙන වැඩක් නෑ.රවීගේ ආසන බල මණ්ඩලයෙන් පෙන්නුවේ රනිල්ගේ කැම්පේන් එක කොළඹින් පටන් ගත්තා කියලයි.ඒත් ඉතින් විපක්ෂයට තවමත් හරිහමන් අපේක්ෂකයෙක්වත් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Lanka Newsweek © 2024