Friday 21st of March 2025

English Tamil
Advertiesment


කෞතුකාගාරයට කෝටි 11ක පොල්ලක් 


2023-07-05 15067

 


හස්ත කර්මාන්ත මණ්ඩලයට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් කුලියට ලබා දුන් ගොඩනැගිල්ලකින් හිඟ බදු කුලී අය කර නොගැනීම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි. 

කෞතුකාගාර දෙපාර්තමේන්තුව මෙම ගොඩනැගිල්ල  2011 අගෝස්තු 10 දින සිට 2021 ජුලි 31 වැනිදා දක්වා වර්ෂ 10 ක කාලසීමාවකට බදු පදනම මත ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල වෙනුවෙන් වරිපනම් ගාස්තු සහ ජල ගාස්තු වැනි වියදම්ද ඒ   දෙපාර්තමේන්තුව දරා තිබු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ දැක්වේ.

හස්ත කර්මාන්ත මණ්ඩලය එම ගොඩනැගිල්ලෙන් 2023 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා ඉවත්වීම හේතුවෙන් ගොඩනැගිල්ල මුද්‍රා තබා වසා තිබු බව ද ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ජාතික කෞතුකාගාර පුස්තකාලය සඳහා ගිනි ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් කෝටි දහයක පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ නමුත් මෙම 2023 අප්‍රේල් මස 4 වැනිදා  දක්වාම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර නොතිබූ බවද එම කාර්යාලය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබී ඇත්තේ 2022 මාර්තු මස 31 වැනිදා වන අතර ව්‍යාපෘතිය සඳහා එම දිනයට රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් වැය කර තිබුණද ව්‍යාපෘතියේ සමස්ත භෞතික කාර්ය සාධනය දැක්වුණේ 35%ක් ලෙස බව ද එම කාර්යාලය වැඩි දුරටත් පවසයි.

Advertiesment