දේශපාලන ක්‍රියාවලිය වාණිජ ව්‍යාපාරයක් නොව, මානව දයාව පෙරදැරි කොටගෙන සිදු කෙරෙන උසස් සමාජ සේවාවක් බව දේශපාලන දාර්ශනික මතය වන අතර, පිරිසුදු දේශපාලන න්‍යායන් පිරිසුදු ලෙසම ක්‍රියාවට නැංවීම රටක සෞභාග්‍යය කෙරෙහි ඍජුවම බලපාන්නේයැයි දේශපාලන චින්තකයන්ගේ පිළිගැනීමයි. අල්ලස් ගැනීම, දූෂණ පණගැන්වීම, විවිධ මාදිලියේ වංචා හා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා දේශපාලනික පලි ගැනීම් ආදිය සම්පූර්ණයෙන් හෙළාදුටු දේශපාලන දාර්ශනිකයෝ, රටක ප්‍රතිපත්ති සකස් කරන්නන් හා ඒවා ක්‍රියාවට නඟන්නන් පවිත්‍ර පුද්ගලයන්ම විය යුතුයැයි අවධාරණය කරති.
ශ්‍රී ලංකාවේ සිව්වරක්ම අගමැති ධූරයට පත් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා අනාගතය පිළිබඳ දැනුම හා ප්‍රජාතන්ත්‍රවාදි ගුණාංග උපයාගෙන ඇති විශිෂ්ටතම හා අවංක ජාතික නායකයෙකි. ඔහු සොබදහමේද, නීතියේ හා සාමයේද, සියලු ජාතීන්ගේද මිත්‍රයකුද වන අතර, රට ආර්ථිකව සංවර්ධනය කිරීමෙහිද අතිදක්ෂයෙකි. එමෙන්ම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් භාවිත නොකිරීමේ ස්ථිර ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතයේ සිව් දශකයක් තිස්සේ අභ්‍යාස කෙරෙන ශ්‍රේෂ්ඨ මිනිස් ගුණාංගයකි.
ඔහුගේ විශේෂ වැදගත් නිපුණත්වයක් වනුයේ දේශීය කාර්මික හා අනෙකුත් දේශීය නිෂ්පාදන ආසියානු හා ලෝක වෙළෙදපොළට එකතු කිරීමට ඇති සහජ හැකියාවයි. කර්මාන්ත නවීකරණය සහ ආරම්භ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සතු ප්‍රායෝගික දක්ෂතාව හා ගෝලීය අවබෝධය ඉතා ඉහළ තත්ත්වයේ ඇති අතර, තමාටම ආවේණික වේගවත් ක්‍රියාවලියක්ද ඔහු සතුය. ඊට උදහරණයක් වනුයේ 1989දී කර්මාන්ත හා විද්‍යා තාක්ෂණික ඇමැතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ එතුමා ඇති කළ පිබිදීමය.
1977 වන විට ශ්‍රී ලංකාවෙන් විදෙස් වෙළෙඳපොළට අපනයනය කළ කාර්මික නිෂ්පාදන භාණ්ඩ ප්‍රමාණය වර්ග 25කට සිමා වී තිබිණි. එහෙත් ගෝලීය වෙළෙඳාම පිළිබඳ තමා ප්‍රාමාණික අවබෝධය හේතුවෙන් 1989 සිට 1994 දක්වා වසර 05 ඇතුළත විදෙස් වෙළෙඳපොළට ශ්‍රී ලංකාවෙන් යවන ලද භාණ්ඩ වර්ග ප්‍රමාණය 1200ක් දක්වා ව්‍යාප්ත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය.
අපනයනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මඟින් ඉහළ ආදායම් ලැබෙන රැකියා නිර්මාණය කිරීම මෙන්ම රැකියා අවස්ථා පුළුල් කිරීමද අතිශය වැදගත් බව ජිනීවා නුවර අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහුගේ දේශනයේදී වඩා අවධානය යොමු කරන ලද්දේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් රැකියා බිහි කිරීමට ගන්නා පියවර පිළිබඳවයි. විශේෂයෙන්ම පසුගිය සමයේ මේ අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන නොගැනීම නිසා ශ්‍රී ලංකාවට රැකියා හා ආදායම් උත්පාදන අවස්ථා අහිමි වීම පිළිබඳ ඔහු කනගාටු වූ නමුත් රැකියා දසලක්ෂයක් නිර්මාණය කිරීම මඟින් අඩුආදායම්ලාභීන් මධ්‍යම පන්තිය වෙත යොමු කිරීම උදෙසා තමා උපරිමයෙන් කටයුතු කරන බව මෙහිදී හෙතෙම අවධාරණය කර සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දීය සාගරයේ ආර්ථික වෙළෙඳ සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කර, බස්නාහිර පළාත දකුණු ආසියාවේ දියුණුම පළාත වශයෙන් නවීන විද්‍යාත්මකව සංවර්ධනය කරනු ඇත. කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන වරාය දියුණු කිරීමට සමගාමිව කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල් නව්‍ය විද්‍යා හා තාක්ෂණික ක්‍රම අනුව සංවර්ධනය කරනු ඇත්තේ වසර 100 අනාගතය පිළිබඳ අවබෝධයක් සහිතවය. ප්‍රවාහන හා සන්නිවේදන පහසුකම් අතිනවීන ක්‍රමයට තවදුරටත් සංවර්ධනය කරනු ඇත. අනෙක් අතට ලෝක හා ආසියානු වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යාපාර හා මූල්‍ය පරිසරයක් නිර්මාණය කරනු ඇත. ඊට සමගාමිව ලෝක අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර සිදු කරන ආයෝජන මගින් ශ්‍රී ලංකාවේ තරුණ-තරුණියන් වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම තම අරමුණ බව 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 68කට පසු වසර 50කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් දේශපාලනිකව බෙදී වෙන් වී සිටි සිංහලයන් නැවත එකතු කොට 21 වන සියවසේදී ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් කිරීමේ ඒකායන අපේක්ෂාවෙන් පිහිටුවාගත් ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම සංවර්ධන උපාය මාර්ගයක් වී ඇත්තේ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම කෙරෙහිය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015 නොවැම්බර් 05 වැනිදා උක්ත ජාතික ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. ඒ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන ඉලක්ක 05කි.
තරුණ-තරුණියන් ලක්ෂ 10කට රැකියා, පොදු ජනයාගේ අදායම් වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම, වසර 10කට වැඩි කාලයක් භුක්තියේ සිටි ඉඩ කඩම් දේපළ අයිතිය අදාළ පාර්ශ්වයන්ට නීත්‍යනුකූලව සින්නක්කර ඔප්පු ලබාදීම හා ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කිරීම එම ඉලක්ක 05යි. ඒ සඳහා ගත යුතු ආර්ථික සමාජීය උපාය මාර්ග ගණනාවක් පංචවිධ ක්‍රියාවලිය නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අතර, ඉහත සඳහන් කළ පරිදිම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම කෙරෙහි බලවත් උනන්දුවක් රජයට ඇත. උක්ත උනන්දුව ලෝකයාටම ප්‍රකාශ කිරීමට 2016 ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආර්ථික සම්මන්ත්‍රණයට හැකි විය. උක්ත සමුළුවට ලොව ප්‍රකට පුද්ගලයන් රාශියක් සහභාගි වූ අතර ඉන් තිදෙනෙක් තීරණාත්මක ගෝලීය විද්වත්හුය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික දේශපාලනඥකුට විශේෂ ආරාධනාවක් ලැබ 2016 ජනවාරි 20 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ සූරිච්හි ඩාවොස් නගරයේදී 46 වැනි වරට පැවත්වුණුු ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. උක්ත ලෝක ආර්ථික සමුළුවේදී ලෝක නායකයන් 40 දෙනකු හා ගෝලීය ආර්ථික විශේෂඥයන් 2500ක් ඇතුළු නියෝජිතයන් 4000ක් පමණ හමුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හා අපේක්ෂිත විදේශ ආධාර, විදේශ ණය, විදේශ ආයෝජන හා විශේෂයෙන් ඍජු ආයෝජන ආකර්ෂණය පිළිබඳ ඉතා සාර්ථකව අදහස් හුවමාරු කරගත්තේය. දින 04කට සිමා වූ උක්ත ලෝක ආර්ථික සමුළුවේ තේමාව වූයේ '04 වැනි කාර්මික විප්ලවය' යි (The 04 th Industrial Revolution) - එනම්: 21 වන සියවසයි.
ජර්මානු ජාතික මහාචාර්ය ක්ලාවුස් මාටින් ෂ්වාබ් (Klaus Martin Schwab) 1971දී යුරෝපීය කළමනාකරණ සංසදය ආරම්භ කළ අතර, 1987දී උක්ත සංසදය ලෝක ආර්ථික සංසදය වශයෙන් ලොව පුරා ප්‍රචලිත විය. 2016 ජනවාරි 20 සිට 23 දක්වා පැවතුණු 46 වන ලෝක ආර්ථික සමුළුව අමතමින් එහි නිර්මාතෘ මහාචාර්ය ක්ලාවුස් මාටින් ෂ්වාබ් යෝජනා කළේ නායකයන් හා රටවැසියන් එකට පෙළ ගැසී පොදු මහජනතාව සවිබලකරණය සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතු බවයි.
දැන් හතරවන කාර්මික විප්ලවය නොහොත් ඩිජිටල් විප්ලවය ආරම්භ වී ඇත. වත්මන් ඩිජිටල් තාක්ෂණික සොයාගැනීම් වේගයට කිසිදු ඓතිහාසික පූර්වාදර්ශයක් නැත. මීට පෙර සිදුව ඇති කාර්මික විප්ලව හා සසඳන විට, හතරවන කාර්මික විප්ලවය රේඛීය වේගයකින් ඉදිරියටම ගලා යමින් තිබෙනුයේ ලොව පුරා කාර්මික ක්‍රියාවලියට නව මුහුණුවරක්ද, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිපුණත්වයෙහි වටිනාකම් සිවිල් සමාජයට පලදායි ලෙස කාන්දු වීමද සමඟින් ප්‍රජාතන්ත්‍රවාදය ලිහිල්කරණය හා රාජ්‍ය නොවන පුද්ගලයන් සවිබලකරණය ඇතුළු අප නොසිතන හා නොදන්නා වෙනස් වීම් රාශියක් ඇති කරමිනි.
අනාගතයෙන් හරියටම කොපමණ ප්‍රමාණයක් වර්තමානයට ප්‍රවේශ කළ හැකිදැයි දැන සිටීම දක්ෂ රාජ්‍ය නායකයකුගේ ඇති ප්‍රබල ලක්ෂණයකි. සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිවරයා වූ සෑම අවස්ථාවකම අනාගතයෙන් බොහෝ දේ රටට ජනතාවට ලබා දී ඇති නායකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ 21 වන සියවස සඳහා වූ සංවර්ධන යෝජනා අතරින් එකක් උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නම්: 2002දී ඔහුගේ උත්සාහය වී තිබුණේ 'මෙගාපොලිස්' මහානගර සංවර්ධන ක්‍රමයට අනුව 21 වන සියවසට ගැළපෙන ආකාරයට බස්නාහිර පළාත දියුණු කිරීමටයි.
එහෙත් ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය කරපින්නා ගත් නමුත් රටේ තිරසර අනාගත දියුණුවට අවශ්‍ය විද්‍යාත්මක, තාක්‍ෂණික හා නව්‍ය ඉංජිනේරු දැනුම මෙන්ම ජනගහන වර්ධනය හා ඊට සාපේක්ෂව රටේ පරිසරයට ඇති වන පීඩා සහ ගෝලීයකරණය පිළිබඳ දැනුමක් නැති, එහෙත් චතුර ලෙස සංවේදී භාෂාවෙන් උද්වේගකර කථා පැවත්විය හැකි සිල්ලර දේශපාලුවන්ගේ අවස්ථාවාදි යටිකූට්ටු ව්‍යපෘති නිසා උක්ත ව්‍යාපෘතිය වසර දහයකින් ආපස්සට යැවිණි. එය වත්මන් පරපුර පමණක් නොව, රටේ ආර්ථික හා සමාජීය දියුණුව වසර 100කට ආපස්සට හැරවීමකි.
ඉහත විස්තර කළ, 2002දී මෙන්ම 2015 මැතිවරණයේදීද එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ පංචවිධ ක්‍රියාවලියෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට ඉදිරිපත් කර ඇත්තේ දශ ලක්‍ෂයක් රැකියා ඇති කිරීමට ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට ඇතුළු කරන බවයි. ඒ සඳහා ආර්ථික සංවර්ධන අධි-කලාප 45ක්ද, කර්මාන්ත හා තාක්‍ෂණ සංවර්ධන අධි-කලාප 11ක්ද සංචාරක සංවර්ධන අධි-කලාප හා කෘෂිකාර්මික සංවර්ධන අධි-කලාප 23ක්ද ධීවර ආර්ථික සංවර්ධන අධි-කලාප 10ක්ද පොකුරු ගම්මාන 2,500ක්ද ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. 2015 අගෝස්තු 17 පැවත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 50කට වැඩි ජනතාවක් විසින් පංචවිධ ක්‍රියාවලිය අනුමත කරන ලදි.
ශ්‍රී ලංකාව වර්ග කිලෝමිටර් 65,610කින් යුතු අතර, එයින් අභ්‍යන්තර ජලාශ සඳහා වර්ග කිලෝමීටර් 2,905කි. ශ්‍රී ලංකාවේ ජනගහනය 20,263,723කි. එක් වර්ග කිලෝමීටරයක ජන ඝනත්වය 317කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 15 ගුණයකට වැඩි ජනගහනයක් තෝක්යෝ නගරයේ ජීවත් වේ. එහෙත් විශාලත්වය අතින් ශ්‍රී ලංකාව ජපානයේ තෝක්යෝ නගරයට වඩා 09 ගුණයකින් පමණ විශාලය. මොහොතක් සිතන්න. ජපානයේ තෝක්යෝ නගරය හා එහි විශාල ජනගහනය සැනසීමෙන් ජීවත් වීමේ රහස නම් විද්‍යා තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුමේ ආශීර්වාදයයි. මේ නිසා විද්‍යාත්මක, තාක්‍ෂණික, ඉංජිනේරු දැනුම පිළිබඳ අවබෝධය සහ නිරන්තර අවධානය ඇති දේශපාලකයන් ඕනෑම රටක දියුණුවේ අත්තිවාරමයි.
ඇරිස්ටෝටල් පඬිවරයා ප්‍රකාශ කර ඇත්තේ 'ශ්‍රේෂ්ඨ නායකයන් ඉපදෙනු විනා මැවිය නොහැකි' බවයි. අපේ රටේ වාසනාවට අනාගතය දකින නායකයකු අපට ලැබී ඇත. යහපත් හෙටක් උදෙසා ඔහු රැකගැනීම රටට ආදරයක් ඇති ජනතාවගේ වගකීමයි.
Lanka Newsweek © 2024