තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ වන අතර එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීම බව ද එම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජනතාව දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවත් එවැනි අවස්ථාවකදී බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් පවුම් කෝටි 10 ක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීමට සුදානම් වීම පිළිබඳ විවේචන රාශියක් එල්ල වී තිබෙන බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පැවති ජන මත විමසුමකදී ඊට සහභාගී වු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට බ්‍රිතාන්‍ය රජය වියදම් කිරීම අනුමත කර නොමැති අතර රාජාභිෂේක දිනයේදී රාජාණ්ඩු ක්‍රමයකට අකමැති ජනතාව බ්‍රිතාන්‍ය පුරා විරෝධතා සංවිධානය කිරීමට ද සැලසුම් කර ඇත.
එසේම රාජාභිෂේක උත්සවය පවත්වන 2023 මැයි 6 වැනිදා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ හේතුවෙන් සිදු වන පාඩුව පවුම් බිලියන 2.3 ක් වන බව ආර්ථික සහ ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.
.
Lanka Newsweek © 2024