Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ඇත්තටම රනිල්ට බැරිද..?


2023-04-29 14325

 

මැකියාවෙලි ද..? කෞටිල්‍ය ද..? 

 

 
(නීතීඥ නාමල් රාජපක්ෂ)

 

රනිල් වික්‍රමසිංහගෙන් දෙරණ මාධ්‍යවේදී සංඛ අමරජිත්, ඔහු වඩාත් කැමැති මකියවෙල්ලිටද කියා ඇසූ විට කෞටිල්‍යට බව ප්‍රකාශ කරන ලදී  දේශපාලන පසමිතුරුතාව සහ උපායික බව  පමණක් නොව මේ වන විට ලෝකයේ ව්‍යවස්ථාව කින් අති විශාල බලයක් අත දරා සිටින ඔහු දේශපාලන දාම් ක්‍රීඩාවේ ඉත්තන් මනා ලෙස හසුරුවමින් සිටි.

ඔහු එක් වරම පාර්ලිමේන්තුවට පැමිණ ( ගිය වසරේ)  2023 ආරම්භ වීමට පෙර ජන වර්ග ප්‍රශ්නය විසදන බව කියමින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලදි. එම සමුළුවත් සමග ඔහුට විරුද්ධව ගොඩ නැගෙමින් තිබුණු විපක්ෂ බලවේග, බලය බෙදීමට පක්ෂ සහ  විපක්ෂ  ලෙස දෙකට බෙදන ලදී. 

ඒ අනුව සමගි ජන බලවේගය එක් කදවුරකටත් විශේෂයෙන්ම ජාතික ජනතා බලවේගය එතැනින් විතැන් කරන ලදී. ඊට පසු නොපවත්වන පළාත් පාලන මැතිවරණයක් සදහා නාම යෝජනා දීමට සලස්වා විපක්ෂයේ ප්‍රධාන බලවේග දෙක මාරාන්තික තරගයකට යොමු කරන ලදී. දැන් ඒ ජවනිකාව අවසන් වී ඇත. දැන් පළාත්  පාලන මැතිවරණයක් ළගදී පවත්වනු ඇතැයි කවුරුත් කල්පනා නොකරන අතර ඒ අල්ල පනල්ලේ ඔහුගේ පාර්ශවයෙන් මුලින්ම පවත්වනුයේ, ජනාධිපතිවරණය යැයි ප්‍රකාශ කළ පසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නැවත විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක දැන් ජනාධිපති අපේක්ෂකයන් වී ශ්‍රී ලංකාවේ හතර දික් බාගේ කරක් ගසනු පෙනේ.  

ඉන් පසු ඒ අතර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බලය තිබියදී ප්‍රති ත්‍රස්ත පනතක කෙටුම් පතක් ඉදිරිපත් කර නැවතත් විපක්ෂ බලවේග දෙකට බෙදා ඇත. සමගි ජන බලවේගය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර යහ පාලන කාලයේ කෙටුම්පත් කළ ප්‍රති ත්‍රස්ත පනත ගෙන ආ යුතු බවත් එනම් මේ පනතේ යම් යම් මූලික අයිතිවාසිකම්වලට  එරෙහි කොටස් ඉවත් කර ගෙන ආ යුතු බවත් ප්‍රකාශ කරන අතර රැඩිකල් වාමාංශය ඇතුළු වෘතීය සමිති ත්‍රස්තවාදය පිළිබඳව කිසිදු නීතියක් අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කරමින් හතර අතේ දුවමින් මාධ්‍ය අමතනු පෙනේ. 

සිරස මාධ්‍ය ජාලයට ද මේ දිනවල රනිල් වික්‍රමසිංහ එක්ක ඇරියස් කවර් කර ගන්න එය හොඳ මාතෘකාවක් වී ඇත. ඒ අතරවාරයේ හිටපු නීතිපති දප්පුල ඩී ලිවේරා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ඒ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සඟවා ගෙන සිටි පාස්කු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාව වෙත භාර දීමෙන් මෛත්‍රීපාල සිරිසේන ෆුල් අඤ්ඤකොරොස් කර ඇත. ඔහු දැන් ගලේ පැහැරූ බළලෙකු මෙන් වේ. 

මංගල සමරවීර මීට බොහෝ  කලකට පෙර රනිල් වික්‍රමසිංහගේ මෙම විභවතාවන් හදුනා ගෙන ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය බිඳ දැමීම සදහා අති විශාල මාධ්‍ය මෙහෙයුමක් කර "රනිල්ට බැහැ" කියන මතය සමාජ ගත කරන ලදී. ඊට අමතරව එල්ටීටීඊ සංවිධානය සමග එකතු වී ඔහු පරාජය කරන ලදී. ඇත්තටම රනිල්ට බැරිද..?

Advertiesment