තමා හෝ අර්ජුන රණතුංග මහතා යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි දැනුම් දෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙමින් එම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සුදත් චන්ද්‍රසේකර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙමින් අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වන අතර එම තනතුරෙන් ඉල්ලා අස් වන ලෙසට අර්ජුන රණතුංග මහතාට ද දැනුම් දෙමිනි.
කෙසේ නමුත් සාක්කි සාධක අනුව උද්ගත වී ඇති තත්ත්වය තේරුම් ගෙන ඇති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතාගේ ඉල්ලා අස්වීම භාර ගෙන නොමැති අතර ඔහු කියා තිබෙන්නේ,අර්ජුන රණතුංගට වඩා තමාට සහ ක්‍රීඩාවට සුදත් චන්ද්‍රසේකර අවශ්‍ය බවය.
සියලු කරුණු කාරණා විස්තර කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා එම ඇමතිවරයාට යවා ඇති නමුත් ඔහු විසින් භාර නොගත් ඉල්ලා අස්වීමේ ලපිය මෙසේය.
Lanka Newsweek © 2024