චීන ජනාධිපති ෂී ජිනිපින්ගේ මොස්කව් සංචාරය හේතුවෙන් රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ.
මෙම සංචාරයේ දී දේශපාලනික වශයෙන් සේම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති ෂී ජිනිප්න් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අත්සන් කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් බලා පැමිණියේ යුක්රේනයේ සිදු වන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවකදීය.
චීන ජනාධිපති ෂී ජින් විශේෂ ධූත පිරිසක් ද පිරිවරා ගනිමින් මොස්කව් බලා පැමිණියේ, යුක්රේන ආක්‍රමණය මුල් කොට ගනිමින්, බටහිර රටවල් රුසියන් ජනාධිපතිවරයා හුදෙකලා කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකය.
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාපධිති ව්ලොදිමීර් පුටින් හමුවීමට රුසියාව බලා ගියේ රුසියන් යුක්රේන යුද්ධයට සාම සැලැස්මක් ද රැගෙනය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මැදහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට චීනය සූදානමින් සිටී.
චීනයේ එම සාම සැලැස්ම රුසියන් ජනාපධිති ව්ලොදිමීර් පුටින්, පිළි ගත් බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත් වුණු බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයත දැක්වෙයි.
Lanka Newsweek © 2024