ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටලුව විසඳීම සඳහා අනෙකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඉන්දියාවේ බැංගලෝරයේ පැවති G-20 සාමාජික රටවල හමුවකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව ගත් උත්සාහය පිළිබඳ තමා ස්තුති වන්ත වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය හමුවීමෙන් පසුව පැවති ජනමාධ්‍ය හමුවේදී ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.
චීනය ශ්‍රී ලංකාවේ ණය වසර දෙකකට අත් හිටුවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන බව පැවැසුවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය යම් ප්‍රමාණයක් කපා හරින්නේදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතැයි දේශපාලන-ආර්ථික සහ මුල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Lanka Newsweek © 2024