ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කර දූ දරුවන් හැට දෙනෙකුට ජීවය දුන් ඕස්ට්‍රේලියානු ශුක්‍රාණු දායකයකු ගැන අනාවරණය වී ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව උත්සවයක් සංවිධානය කර ඇති අතර එහිදී ඔවුන්ගේ දූ දරුවන්ගෙන් බොහොමයකගේ දේහ ලක්ෂණ එක හා සමාන බව සමරිසි දෙමාපියන්ට දක්නට ලැබී ඇත. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකුවලින් දෙමාපියන් විමසීමක් කර තිබේ. එහිදී මෙම පුද්ගලයා ව්‍යාජ නම් සහ තොරතුරු භාවිත කරමින් නිල සහ නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු තෑගිභෝග ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් තෑගිභෝග ලබා ගැනීම අපරාධමය වරදක් වන අතර ඒ සඳහා වසර 15 කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැකි නමුත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය ගැන හෙළි කර ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තවමත් සමත් වී නොමැත.
Lanka Newsweek © 2024