Wednesday 16th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
නවසීලන්ත අගමැතිනිය දියණියක ප්‍රසූත කරයි
2019-06-25
14339
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කළාය.මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ.
දරු ප්‍රසූතිය සඳහා නියම කළ දිනයට දින හතරකට පසු බ්‍රහස්පතින්දා (ජූනි 21) අලුයම ඇය ඕක්ලන්ඩ් නගරයේ රෝහලකට ඇතුළත් කරන ලද අතර, එහිදී කිලෝ 3.31 ක් බරැති දියණියක් බිහි කළාය.
37 වියැති ජසින්ඩා සති හයක ප්‍රසූත නිවාඩු ලබා ගනු ඇති අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ට අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි පවරා ඇත.
කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයෙදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඇය පවසා තිබේ.
අගමැතිනී ජසින්ඩා ආඩෙන් තම ප්‍රසූතිය පිළිබඳ පුවත මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අතර එමගින් රෝහල් කාර්ය මණ්ඩලයට ඇගේ ප්‍රශංසාව පුදකර තිබිණි.
ජසින්ඩා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද්දේ ඔක්තෝබර් මාසයේදීය. ඇය සහ ඇගේ සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් දරුවෙක් අපේක්ෂාවෙන් පසුවන බව ජනවාරි මාසයේදී නිවේදනය කළේය.
"වැඩ කීපයක් එක විට කරන පළමු කාන්තාව මම නොවේ. සේවය කරමින් දරුවන් ලද පළමු කාන්තාව ද නොවේ. මීට පෙර මේ දෙයම කළ කාන්තාවන් බොහොමයක් ඉන්නවා" ඇය මේ වසර මුලදී නවසීලන්ත ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී පැවසුවාය.
අගමැති තනතුර සඳහා 1856 න් පසුව නවසීලන්තය තෝරා පත්කරගත් ලාබාලතම පුද්ගලයා ජසින්ඩා ආඩෙන්ය.
සිය ධූරය දරමින් සිටියදී දරුවෙකු ප්‍රසූත කළ පළමු නායිකාව වෙමින් 1990 වසරේදී බෙනසීර් භූතෝ දියණියක බිහි කළාය.
(bbc සිංහල සේවය)
RELATED NEWS
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්
ප්‍රංශ නව අගමැතිට විරෝධය
අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
ගුවන් අනතුරකින් 61ක් මරුට
වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
Resent Post
ජනාධිපතිවරයා වටා රොක්වීම
අනුර බලශක්ති අමාත්‍යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති
අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
වසර 50කට පසු සහරා කතරට ගංවතුර
වැසි තත්වයේ වැඩිවීමක්
Lanka Newsweek © 2024