Monday 26th of February 2024

English Tamil
Advertiesment


ආණ්ඩුවෙන් පළි ගන්න ගිහින් මහා බැංකු අධිපති රට වැනසූ හැටි 


2022-12-26 12385

 

රටට ණය බර පටවලා-ආධාර නවත්වලා- රට බංකොලොත් කරලා  

 

හැකි ඉක්මනින් නන්දලාල් වීරසිංහ අධිකරණයට කැඳ වනු 

 

IMF 2020 දී  මුල්‍ය අරමුදල දුන් කඩිනම් මුල්‍යකරණ පහසුකම නවත්තලා 

 

අධිපති හීනයට ඉඩ නුදුන්නාට ආණ්ඩුවෙන් පළිගන්න ගිහින් රටම වැනසිලා 

 

(මනෝජ් අබයදීර)

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, 2022 දෙසැම්බර් 18 වෙනිදා, දිවයින ඉරිදා සංග්‍රහය වෙත, මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගණේවත්ත සමග සිදු කරන ලද සාකඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ, 2020 වන විට ද ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයක නොතිබුණු බවය.

ප්‍රශ්නය – ඔබතුමා මහ බැංකු අධිපති ධුරයට පත්වෙලා මේ වනවිට මාස අටක් පමණ ගතවෙලා තියනවා. ඒ අවස්ථාවේ සිට මේ වනවිට ආර්ථිකයේ මොනවගේ පරිවර්තනයක් වෙලා තියනවද?

පිළිතුර – ජනාධිපතිතුමා ආරාධනය කරල මම වැඩ භාරගත්තෙ අප්‍රේල් 07 හෝ 08 වැනිදා. ඊට කලින් අවුරුද්දෙ ඉඳලම අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ රජයේ ණය තිරසාරභාවය සම්පූර්ණයෙන්ම නැතිවෙලා, රටට කිසිම ආකාරයකින් විදේශ ණය ගන්න බැරි තත්ත්වයට පත්වෙලා රජයේ ආදායම අඩුවෙලා. කොවිඩ් එක විශේෂයෙන් බලපෑවා 2020 වසරේ. නමුත් පළමුවෙනිම අවස්ථාව තමයි 2020 මාර්තු මාසෙ රජය විසින් ඉල්ලා සිටියම රැපිඩ් ෆයිනෑන්ස් ඉන්ස්ටෘමන්ට් කියල රටවල් 90 ගානකට ලැබුණ මූල්‍ය අරමුදලෙන්. කොවිඩ් වසංගතය නිසා කිසිම කොන්දේසියක් නැතුව ලැබෙන්න තිබුණු මුදලක්. ඒක අපිත් ඉල්ලුම් කරා. ඒ වෙලාවෙ මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති විදියට අයි එම් එෆ් සාකච්ඡාවලට මැදිහත් වුණා. එතනදි තමයි පළවෙනි වතාවට ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය කරල දැනුම් දුන්නෙ ශ්‍රී ලංකාවේ රජයේ ණය තිරසාර නැහැ. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ ආර්එෆ්අයි (කඩිනම් මුල්‍යකරණ පහසුකම ) කියන පහසුකමවත් දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලො යෝජනා කරා දෙන්න නම් ණය තිරසාරභාවයට පත්කර ගන්න ඕන කියල.

ප්‍රශ්නය – ඒ කොයි කාලයේද..?

පිළිතුර – ඒ 2020 මාර්තු අප්‍රේල් කාලෙ. මාර්තු පටන් ගත්තෙ මට මතක විදියට අප්‍රේල් වෙනකොට ඒගොල්ල දැනුම් දුන්න ණය තිරසාරභාවය නැති නිසා ණය තිරසාර කරගන්න අවශ්‍ය පියවර ගන්න කියල. ඒක සිදුවුණේ පළවෙනි වතාවට. සමහර අය කියනව මේ තිරසාරභාවය නැති වුණේ මීට කලින් කියල. එහෙම නෙවෙයි. උදාහරණයක් ගත්තොත් 2019 වසරෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලින් තිබුණු වැඩසටහන යටතේ රජයට ණය ලබා දුන්නා. එතකොට තිරසාරභාවය නැති වුණා නම් මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති රීති අනුව ණයක් ලබාදෙන්න බැහැ. ඒක නවත්තන්න ඕන වහාම. එතකොට 2020 කොවිඩ් එකෙන් පසුව ඉල්ලනකොට තමයි ණය තිරසාරභාවය ගැන විශ්ලේෂණයක් කරල කිව්වෙ තිරසාරභාවය නැහැ කියල. ඒ නිසා කරන්න තියන පළවෙනි පියවර තමයි ඒ තිරසාරභාවය නැවත ඇතිකර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙනව. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික වශයෙන් උපදේශකයො පත් කරල ඒ ක්‍රියාවලිය පටන්ගන්න කියල යෝජනා කරා. නමුත් ඒ වෙලාවෙ තිබුණු රජය, මුදල් අමාත්‍යාංශය ඒක ප්‍රතික්‍ෂේප කරා. අපට ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඒ ක්‍රමයට යන්න ඕන නෑ කියල එය ප්‍රතික්‍ෂේප කරා. ඒ පළවෙනි අවස්ථාව. හැබැයි එහෙම කිව්වට ඊට පසුව යම් කිසි ආකාරයක අවබෝධයක් කොහොම වුණත් රජයට තියෙන්න ඇති. ණය ගෙවන්න අපහසු තත්ත්වයක් තිබුණු නිසා. ඒ නිසා තමයි ඔබට මතක නම් කීප වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉල්ලීම් කරා ඉන්දියාව, චීනය, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වගේ ආයතනවලට ණය ප්‍රතිව්‍යුහගත කරන්න හෝ සහන කාලයක් දෙන්න කියල අඩුම ගානේ අවුරුදු තුනක් විතර යනකම්. එතකොට රජයටත් දැනුමක් තිබුණ. නමුත් ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්කෙ නෑ. හේතුව ඒ ආයතන එතකොටත් අපේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් පහළට ඇවිත් ඒ අයත් අයි එම් එෆ් එකෙන් ඇහුවම ණය තිරසාර නෑ කියල ඒ නිසා ඒ අය ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ කිව්ව ඒ වෙලාවෙ.

ආචාර්ය වීරසිංහ සිය විග්‍රහය සදහා පදනම් කරගනු ලබන්නේ, තමන් මහ බැංකු අධිපති තනතුර භාර ගැනීමට බොහොමයක් කාලයකට පෙර සිට රටේ විදේශ ණය සම්බන්ධ ගැටලුවක් තිබූ බවය, ඒ සදහා ඔහු දක්වන එක් සාධකයක් වන්නේ 2020 වසරේ කොවිඩ් වසංගතයෙන් පසුව මුල්‍ය අරමුදල එක් එක් රාජ්‍ය වෙත ලබාදෙන කඩිනම් මුල්‍යකරණ පහසුකම (Rapid Finance Instruments), රටවල් අනුවකට වැඩි ප්‍රමාණයකට ලාබාදුන්නද, ශ්‍රී ලංකාව වෙත එය ලබානොදුන් බවයි. ඒ සදහා මුල්‍ය අරමුදල දක්වන ලද හේතුව වූයේ, ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය නොමැතිය යන්නය.

මෙයින් ගම්‍ය වන්නේ ණය තිරසරභාවය ශ්‍රී ලංකාවට අහිමිවීම සදහා පදනම වැටෙනුයේ, ආචාර්ය වීරසිංහ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහා බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන ලද සමයේ භවය. 2015 වසරින් පසු මේ රටේ විදේශ ණය බර අධිකවූ ආකාරය මීට පෙර පැහැදිලි කරදී ඇති හෙයින්, වීරසිංහ මේ තර්ක කරනුයේ විරසිංහටම එරෙහිවය. මැයි 25 දින කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ ව පරීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් කැඳ වූ අතර එහි දී මහ බැංකු නිලධාරීන් විසින් 2022 මැයි 25 දින පැවති කෝප් රැස්වීමේ දී ශ්‍රී ලංකාවට 2020 දී මුල්‍ය අරමුදලේ ණය නොලැබීම පිළිබඳ ව විමර්ශනයක් සිදුවිය. මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ ගැටළුව නිරාකරණය කරන ලෙස මහ බැංකුවට දැනුම් දුන්නේ කවදා ද? යන්න කෝප් කමිටුව විමසූ විට, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඒ සදහා පිළිතුරු ලබාදුන්නේය. ඔහු දන්නා ආකාරයට ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, කඩිනම් මුල්‍යකරණ පහසුකම (Rapid Finance Instruments)  ක්‍රමය යටතේ ණය මුදලක්, 2020 අප්‍රේල් මාසයේ දී ඉල්ලුම් කළ බවද, කුමන හේතුවකට හෝ එම ඉල්ලීම පිළිබඳ ව ඉදිරි කටයුතු සිදු නොවූ බව, මහින්ද සිරිවර්ධන සදහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සිදු කරන ණය ඉල්ලීම සම්බන්ධයෙන්, මෙවැනි බොළද ගණයේ ‘පන්දුව නිදැල්ලේ’ යවන ආකාරයේ ප්‍රතිචාරයක් මහින්ද සිරිවර්ධන වෙත ලබාදිය නොහැකිය.  2019 වසරේ අවසන් සමය තෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කර, ආපසු ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණි සිරිවර්ධන, 2020 පෙබරවාරි මස සිට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරේ කටයුතු කළේය. එසේ නම් මේ සදහා හොදම පිළිතුර දිය යුත්තේ ඔහු මිස අන් කවරෙකුද...?

• එබැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කඩිනම් මුල්‍යකරණ පහසුකම පිළිබඳ ව ඔහු විසින් හොඳින් දැන සිටි බවට සැකයක් නොමැත.

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ පහසුකම නොලැබීම පිළිබදව එම කෝප් කමිටුවේදී පිළිතුරු ලබාදෙමින්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉදිරිපත් කරන ලද කරුණු මෙසේ සංගෘහිත කළ හැකිය.

• මුදල් ඇමති විසින් කඩිනම් මුල්‍යකරණ පහසුකම යටතේ ණය අයදුම් කළ පසු, තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ සියළු සාකච්ඡා පැවැත් වූ බව.

• මූල්‍ය අරමුදල එම අවස්ථාවේ ඔවුන්ගේ ණය සලකා බැලීමේ පළමු මෙවලම ලෙස ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් ඇගයීමක් කර, ඔවුන්ගේ උපකල්පනය අනුව ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට නිගමනය කිරීම.

• මේ සම්බන්ධයෙන් මූල්‍ය උපදේශකයන් පත් කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කිරීම

• මුල්‍ය අරමුදලේ මෙම මතය  එවක මහ බැංකු අධිපති සහ ජනාධිපති ලේකම් වෙත දැන්වූ බව.

• ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලැබුවේ, ජනාධිපති ලේකම් බවද,  මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරයා සමග ඍජුව ජනාධිපති ලේකම් සාකච්ඡා කළ බව.

• ණය ප්‍රතිව්‍යුහගතකරණය, නොකරන බවද, තත්ත්වය ශ්‍රී ලංකාවට කළමනාකරණය කර ගත හැකි බවද තීරණය කර, එම සාකච්ඡාවන් අවසන් කිරීම

කඩිනම් මුල්‍යකරණ පහසුකම ලබා නොදීම සදහා එවැනි කරුණු දැක්වීමක්, මුල්‍ය අරමුදල සිදුනොකළ බව කිව හකිය. ඒ සදහා හොදම උදාහරණය වනුයේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය තිර්සරභාවයක් නොමැතිය යන ස්ථාවරය. මුල්‍ය අරමුදල විසින් ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ, 2022 මාර්තු 25 වෙනි දාය.

සිය වාර්ෂික, ආර්ටිකල් 4 උපදේශනය  යටතේ එය සිදු කළා මිස, නන්දලාල්, අර්බුදය තල්ලු කිරීම සදහා දරණ ස්ථානය තෙක්, මුල්‍ය අරමුදල එවැනි වාර්තාකරණයක් සිදු කළේ නැත. එසේ නම් මුල්‍ය අරමුදල ඒ බව කියා සිටියා යැයි, නන්දලාල් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි කවරේද...?

වසංගතය ආරම්භයේ දී  මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය, සාමාජික රටවල් වෙත වෙත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සම්බන්ධයෙන් සිදු කළ දැන්වීම සම්බන්ධයෙන්,  කළ දැන්වීම සහ 2020 මාර්තු17 දින බ්ලූම්බර්ග් මාධ්‍යය වාර්තා කර තිබුණි. ඒ අනුව

• වසංගතයේ බලපෑමට ලක් වී ඇති රටවල් සදහා කඩිනම් ණය ලබාදීම පිණිස ඩොලර් බිලියන 50 ක් වෙන් කළ බව සහ අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සමස්ත අරමුදල් ධාරිතාවය වන ඩොලර් බිලියන 1,000 ම ඒ සදහා යොදවන බව.

• හැකි ඉක්මනින් ණය අයදුම් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටීම.

• සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටත කඩිනමින් ණය ලබා දෙන බව සහ ඒ සඳහා කොරෝන වසංගතය මැඩලීමට වැය වන වියදම් පිළිබඳ ව වාර්තාවන් ප්‍රමාණවත් බැවින් එම වාර්තා තබා ගන්නා ලෙස.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය සැපයෙන කඩිනම් මුල්‍යකරණ පහසුකම සහ සීග්‍ර ණය පහසුකම යන ක්‍රමයන් දෙක සහ ඊට අමතරව දීර්ඝ කරන ලද ණය පහසුකම යටතේ රටවල් රාශියකට 2020 සහ 2021 වර්ෂයන්හි ණය ලබා දී තිබේ. රටවල් 90 ක් සදහා ඩොලර් බිලියන 170.6 ක පමණ, එසේ ණය ලබාදී තිබේ. එසේම,මූල්‍ය අරමුදලවිසින් ණය සේවාකරණ ගැටළුව සදහා මුහුණ දුන් රටවල් 31 ක් සදහා ණය වාරික කල් දැමීමේ සහනයන් ද සපයා තිබුණි.

කඩිනම් මුල්‍යකරණ පහසුකම යටතේ ණය සැපයීම පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙබ් අඩවියේ දැක්වෙන සටහන තුලින් ආචාර්ය වීරසිංහ සදහන් කරන පන්නයේ, යමක් සිදුව ඇද්දැයි විග්‍රහ කර බැලිය හැකිය. ඒ සදහා මුල්‍ය අරමුදල දක්වන සාධක මෙසේය.

“කඩිනම් මුල්‍යකරණ පහසුකම මගින් පූර්ණ-පූර්ණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයකින් තොරව, හදිසි ගෙවුම් ශේෂයේ (BoP) අවශ්‍යතාවයකට මුහුණ දෙන සාමාජික රටවල් සදහා වේගවත් සහ අඩු ප්‍රවේශ මූල්‍ය ආධාර සපයයි. භාණ්ඩ මිල කම්පන,ස්වාභාවික විපත්,ගැටුම් සහ පශ්චාත්-ගැටුම් තත්ත්වයන් සහ අර්බුද හේතුවෙන් ඇතිවන හදිසි අවස්ථා ඇතුළුව, පුළුල් පරාසයක හදිසි අවශ්‍යතා සපුරාලීම සදහා සහාය විය හැක. පුළුල් ආවරණයක් සහිත තනි,නම්‍යශීලී යාන්ත්‍රණයක් ලෙස, කඩිනම් මුල්‍යකරණ පහසුකම  මගින් හදිස්සි ස්වභාවික විපත් ආධාර (ENDA) සහ හදිසි පශ්චාත්-ගැටුම් ආධාර (EPCA) ආවරණය කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය ස්ථාපනය කර තිබේ.

දරිද්‍රතාවය අඩු කිරීම සහ වර්ධන භාරය සඳහා සුදුසුකම් ලබන සාමාජික රටවල් සමාන සහනදායී වේගවත් ණය පහසුකම් (RCF) භාවිතා කිරීමට වැඩි ඉඩක් තිබුණද, කඩිනම් මුල්‍යකරණ පහසුකම  සියලුම සාමාජික රටවලට ලබා ගත හැකිය. කඩිනම් මුල්‍යකරණ පහසුකම  නිර්මාණය කර ඇත්තේ, හදිසි ආමන්ත්‍රණයක් සිදු නොකළහොත්, ක්ෂණික හා දැඩි ආර්ථික කඩාකප්පල්කාරී තත්ත්වයකට හේතු විය හැකි වර්තමාන හදිසි ගෙවුම් ශේෂ අවශ්‍යතාවයක් හමුවේ, පූර්ණ ආර්ථික වැඩසටහනක් අවශ්‍ය නොවන හෝ කළ නොහැකි අවස්ථාවන් සඳහා ය. කම්පනය සංක්‍රාන්ති සහ සීමිත ස්වභාවයක් ඇති විට කලින් ඇති වූ තත්ත්වය පැන නැගිය හැකි අතර, ගෙවුම් ශේෂ අවශ්‍යතාවයේ හදිසි ස්වභාවය හෝ දුර්වලතා ඇතුළුව සාමාජිකයාගේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාව සීමිත වූ විට දෙවැන්න පැන නැගිය හැක. කඩිනම් මුල්‍යකරණ පහසුකම සදහා ප්‍රවේශ දෙකක් ඇත.

a.       ඉහත විස්තර කර ඇති තත්වයන් සඳහා සාමාන්‍ය ප්‍රවේශය, ඕනෑම මාස 12ක කාලසීමාවකදී කෝටාවෙන් සියයට 50ක ප්‍රවේශ සීමාව සහ සමුච්චිත පදනම මත කෝටාවෙන් සියයට 100ක ප්‍රවේශ සීමාව

b.       විශාල ස්වාභාවික විපත් ප්‍රවේශය, සමුච්චිත පදනමක් මත, ඕනෑම මාස 12ක කාලයකදී කෝටාවෙන් සියයට 80ක ප්‍රවේශ සීමාවන් සහ කෝටාවෙන් සියයට 133.33ක ප්‍රවේශ සීමාවන් සමඟ, ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ හානිය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක් හෝ ඊට වැඩි ලෙස තක්සේරු කෙරේ.

සාමාජිකයින්ගේ විශාල සහ හදිස්සි කොවිඩ් වසංගතය, ආශ්‍රිත මූල්‍ය අවශ්‍යතා සදහා ප්‍රතිචාර වශයෙන්, මෙම ප්‍රවේශය යටතේ ඇති සීමාවන් 2021 දෙසැම්බර් 31 දක්වා තාවකාලිකව වැඩි කරන ලදී. 2022 ජනවාරි 1 සිට, සාමාන්‍ය සහ විශාල ස්වභාවික අපදා ප්‍රවේශය සඳහා වාර්ෂික ප්‍රවේශ සීමාවන් ප්‍රතිවර්තනය කර ඇත. කෝටාවෙන් සියයට 50 සහ 80 ක වසංගත මට්ටම් පිළිවෙලින්. කෙසේ වෙතත්, අවස්ථා දෙකම සඳහා සමුච්චිත ප්‍රවේශ සීමාවන් 2023 ජූනි 30 දක්වා කෝටාවෙන් පිළිවෙළින් සියයට 150 සහ සියයට 183.33 ලෙස දිගටම පවතිනු ඇත.

කඩිනම් මුල්‍යකරණ පහසුකම  යටතේ මූල්‍ය ආධාර සපයනු ලබන්නේ පූර්ණ-පූර්ණ වැඩසටහනක් හෝ සමාලෝචනයක් අවශ්‍ය නොවී සෘජු මිලදී ගැනීම් ආකාරයෙන් ය. කඩිනම් මුල්‍යකරණ පහසුකම  සහාය ඉල්ලා සිටින සාමාජික රටක් එහි ගෙවුම් ශේෂ දුෂ්කරතා විසඳීමට සහ එය අනුගමනය කිරීමට යෝජනා කරන සාමාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති විස්තර කිරීමට උත්සාහ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. අවස්ථාවේ පරිදි පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍ය විය හැකිය.

ඉහත දැක්වූ තොරතුරු දෙස බලන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කඩිනම් මුල්‍යකරණ පහසුකම බාහිර අර්බුදයන්ට මුහුණ දෙන රටවල් සදහා ඉතා කඩිනමින් සහ කෙටි කාලීන මූල්‍ය පහසුකම් සදහා  ලබා දෙන ණය ක්‍රමයක් බව පැහැදිලි ය.

එවැනි ණය ලබාදිමකට පෙර, ණය අයදුම් කරන සාමාජික රටෙහි, මැදි කාලීන ණය තිරසාරභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරීන්ගේ උපකල්පනයන් මත ඇගයීම කිරීම යනු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ගෝලීය ආර්ථික සහ මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීමට නොව හුදෙක් මුදල් වෙළෙන්දෙකුගේ ව්‍යාපාරයක නිරත වන ආයතනයක් ලෙස ආචාර්ය වීරසිංහගේ විග්‍රහය අනුව තේරුම් යනු ඇත. මෙවැනි ජාවරම්කාර ආයතනයක් සිය එකම සරණ බවට නන්දලාල් පත් කරගත්ත ද කම් නැත. ඔහු විසින් රට බංකොලොත් බවට පමුණුවා, රටම හසු කරනු ලැබුවේ එවැනි ආයතනයක් යටත්ටද...?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය දෙස බලන විට එවැන්නක් නොපෙනේ. මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් රාජකාරි භාර ගෙන සති දෙකක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල-ලෝක බැංකු වසන්ත රැස්වීම වෙත පිය නැගුවේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කඩිනම් මුල්‍යකරණ පහසුකම යටතේ ණයක් ලබා ගැනීමට බව මාධ්‍යය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසාර බව නොමැති බව 2020 දී, මූල්‍ය අරමුදල නිගමනය කළේ නම්, 2022 වසර වන විට ණය තිර්සරභාවයක් රටේ තිබුණේද...? එසේ නම් ණය ගෙවා ගත නොහැකිය කියමින්, රට බංකොලොත් කළේ ඇයි...? එසේ තිබුණේ නම් ආචාර්ය වීරසිංහ, සහ සිරිවර්ධන යන දෙදෙනා මුල්‍ය අරමුදල සදහා සවාරියක් ගියේද...? රටේ විදේශ විනිමය අර්බුදයක් තිබියදී එසේ අනවශ්‍ය සවාරියක් සදහා මහජන මුදල් කාබාසිනියා කිරීම වෙනුවෙන් ඔවුන් ජනතාවට වගකිව යුතු නොවේද...?

2020 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කඩිනම් මුල්‍යකරණ පහසුකම  නොලැබීම පිළිබඳ ව ලේඛන සාක්ෂි මත විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් මේ අනුව පැන නගිනු ඇත.

කඩිනම් මුල්‍යකරණ පහසුකම  යටතේ, මූල්‍ය අරමුදල වෙතින් ණය පහසුකම හිමිකරගත්, රටවල් ලැයිස්තුවේ 2020 වර්ෂය ආරම්භයේ දී ශ්‍රී ලංකාවට වඩා ණය බරින් සහ දුප්පත් කමින් මිරිකෙන රටවල් රැසක් තිබේ. මියන්මාරය, ටොන්ගෝව,පකිස්ථානය,සෝමාලියාව,සුඩානය,ඇන්ගෝලාව,කොංගෝ,ඉතියෝපියාව,ඝානාව, රුවන්ඩාව,සෙනගල්,එල් සැල්වදෝරය,මෙක්සිකෝව වැනි රටවල් ඒ යටතේ සිටින අතර ශ්‍රී ලංකාව එම රටවලටත් වඩා ණය තිර්සාරභාවයෙන් තොරබව, මූල්‍ය අරමුදල නිගමනය නොකිරීම හේතුවෙන් එසේ විද...?

කඩිනම් මුල්‍යකරණ පහසුකම  ලබාදුන් සියළු රටවල ණය තිරසර භාවය පිළිබඳ ව ඇගයීම් කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දුන්නේ නම්, මෙතරම් රටවල් සංඛ්‍යාවක් සදහා මෙතරම් කෙටි කලකින් ණය ලබා දීමට හැකි නොවන බව සරල කරුණකි. වසංගතය හේතු කොට කිසිම මූල්‍ය අර්බුදයකට මුහුණ නොදුන් සහ 2020 ආරම්භයේ දී ඩොලර් බිලියන 32 ක පමණ විදේශ මුදල් සංචිත හිමි, බංග්ලාදේශයට ද 2020 මැයි මාසයේ දී ඩොලර් මිලියන 732 ක පමණ ණය මුදලක්, මූල්‍ය අරමුදල විසින් කඩිනම් මුල්‍යකරණ පහසුකම සහ සීග්‍ර ණය පහසුකම යටතේ ලබා දුන්නේය. ඉන් ඩොලර් මිලියන 200 ක් පමණ ශ්‍රී ලංකාවට ද මුදල් හුවමාරු ණයක් ලෙස ලබා දී ඇත.

එවැනි තත්ත්වයක් තුළ,ශ්‍රී ලංකාවට කඩිනම් මුල්‍යකරණ පහසුකම යටතේ ණය සැපයීමට සලකා බැලීම පිණිස ඉදිරි වසර 5 ක ණය තිරසාර භාවයක් නොමැති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය උපදේශකයන් පත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිගමනය කළ බවට, මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ සිදු කරනු ලබන හෙළිදරව්ව සපුරා විභාග කළ යුත්තකි. මේ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ ඉහළ බලධාරීන් වෙත වාර්තා නොකළේ මන්ද යැයි, ආචාර්ය වීරසිංහ වැනි ඒ මොහොතේ, වගකිව යුතු බලධාරින්ගෙන් ප්‍රශ්න කළ යුතුය.

ආචාර්ය වීරසිංහගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන්, කරුණු දක්වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ පී. සමරසිරි සදහන් කරනුයේ, 2019 වර්ෂය අවසානය වන විට, නව රජයේ මහ බැංකු අධිපති තනතුර අපේක්ෂාවෙන් නන්දලාල් වීරසිංහ පසු වූ බවය. එය නොලැබීම හේතුවෙන් රජය සමඟ උරණ වී සිටි ඔහු, වුවමනාවෙන්ම රට සහ රජය අපහසුතාවයට පත්කිරීම සදහා මෙම ක්‍රියාකලාපය දියත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරීන් සමඟ ණය වැඩසටහන් කේවල් කිරීම පිළිබඳ ව පළපුරුද්දක් සහිත නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන දෙදෙනා,  එම හැකියාව මෙම අවස්ථාවේ භාවිතා කොට නොමැති බව, හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙයි. පී. සමරසිරි පෙන්වා දෙන පරිදි,  මෙම සමයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ විකල්ප විධායක අධ්‍යක්ෂ වරයෙකු ලෙස සිටි මහ බැංකු නිලධාරිනිය ද ඇතුලුව එහි සේවය කළ ආචාර්ය වීරසිංහගේ  හිතවතුන්ට, මූල්‍ය අරමුදලේ, ඇති සබදතාවන් අනුව ශ්‍රී ලංකාවට ණය නොලැබෙන ලෙස කටයුතු සැලසීමේ හැකියාව ද තිබී ඇත. සමහර අවස්ථාවන් හීදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් ලැබුණු බව පෙන්වමින්, ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපි ඉදිරිපත් කොට මහ බැංකුවේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, කඩා කප්පල් කිරීම ද ඔවුන්ගේ පුරුද්දක්  බවද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙයි.

මුදල් මණ්ඩල රැස්වීම් පටිගත කෙරෙන බැවින් එම හඩපට විමර්ශනය කිරීම, රැස්වීම් සටහන් පත්‍රවලට වඩා විශ්වාසී දායි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත කාර්යාලයක්, මහ බැංකුවේ තිබෙන තිබෙන බැවින්, එම කාර්යාලය මගින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තොරතුරු ලබා ගැනීම සම්බන්ධීකරණය කරගනිමින් අදාළ පරීක්ෂණය සිදු කරන ලෙස පී. සමරසිරි යෝජනා කර සිටියි.

කෝප් සභාවේ සහ රජයේ විශේෂ අවධානය සඳහා: මෙහිදී හිටපු අධිපති සමරසිරි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි.

 

• විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ දශක 4 කින් පමණ පසු නැවත ස්ථාපිත කොට මුදල් මණ්ඩලයේ විශේෂ අනුග්‍රහකින් වත්මන් මහ බැංකු අධිපති වෙත 2018 දී ලැබුණ මහ බැංකුවේ ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති තනතුර යනු ඉහළ මට්ටමේ පණිවිඩ හුවමාරු කරුවකු හෝ ලිපිකරුවකු නොව මහ බැංකු අධිපතිට තම රාජකාරි කටයුතු කිරීමට නොහැකි වන ඕනෑම අවස්ථාවක මහ බැංකු අධිපතිගේ සියළු ව්‍යවස්ථාපිත වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීමට බලය ඇති තනතුරකි. උදාහරණ ලෙස මහ බැංකු අධිපතිට හිසේ රුදාවක් ඇති වී වේලාසන නිවසට යන විට ඔහුගේ සියළු බලතල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිට හිමි වෙයි. එසේම, මුදල් නීති පනත අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ රජය නියෝජනය කරන්නේ මහ බැංකුව යි. එබැවින්, රජයේ ෆිස්කල් නියෝජිතයා සහ ණය කළමනාකරු වශයෙන් මහ බැංකු සේවයේ දී, ඩොලර් බිලියන 14 ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමටත්, එස්.ඩී.ආර්. මිලියන 2,700 ක පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ සටහන් දෙකක් ලබා ගැනීමටත් පෙරමුණේ ක්‍රියා කළ ඔහුට මෙම ගෝලීය අර්බුදකාරී අවස්ථාවේ ලෝකයේ රටවල් 90 කට ඉතා පහසුවෙන් ලැබුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කඩිනම් මුල්‍යකරණ පහසුකම යටතේ ණයක් ලබා ගැනීමට  ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වශයෙන් ක්‍රියා කිරීමට නොහැකි වූ බව දැක්වීම පිළි ගත නොහැකිය.

• ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට යයි පවසා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මහ බැංකු අධිපති වරයා විසින් සිදු කළ යුත්තේ මෙවැනි මාධ්‍ය සංදර්ශනයන් පවත්වමින් ඉදිරියේ දී අර්බුදය ඉහළ යන බව පවසා මහජනයා බිය ගන්වමින් සහ එවක රජයට සහ නිලධාරීන්ට දොස් නගමින් කාලය නාස්ති නොකොට මහ බැංකුවේ ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම යි. ඊට හේතුව, මෙම ඉහළ රාජ්‍ය තනතුර ඔහු විසින් අප්‍රේල් මස 7 දින භාර ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සහ ඊට හේතූන් පිළිබඳ ව නොදැන නොවිය යුතුය. එම නිසා රජයේ ඉක්මන් අවධානය යොමු විය යුත්තේ ආර්ථිකයේ මූල්‍ය අංශය මෙසේ එක් පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට ඉඩ හැරීමෙන් ආර්ථික මෙන්ම රජය ද තවත් අස්ථායී විය හැකි බව යි.

• මෙම ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා කිසිම සැලසුමක් ඉදිරිපත් නොකොට එකිනෙකාට දොස් කියමින් කාලය කා දමන පාර්ලිමේන්තුවේ කොටසක් වන කෝප් සභාව විසින් අඩුම වශයෙන් මෙසේ රාජ්‍ය නිලධාරීන් ද රැස් කර ගෙන දෝෂාරෝපණයන් සිදු කිරීමෙන් වැලකී කඩිනමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එම නිලධාරීන් යොමු කරන්නේ නම් එය ජාතික කාර්යයක් වනු ඇත.

• කෝප් සභාව විසින් මහ බැංකු නිලධාරීන් මෙවර කැඳවා ඇත්තේ මහ බැංකුව පිළිබඳ ව 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපතිගේ වාර්තාවන් සහ මහ බැංකුවේ වත්මන් කාර්යසාදනය පරික්ෂා කිරීම සඳහා වන බැවින් කෝප් පරීක්ෂණවල තත්කාලීන භාවය සහ කාර්යක්ෂමතාවය පිළිබඳ ව ද නිසි අවධානය යොමු විය යුතුය.

• 2020 සහ 2021 වර්ෂවලට අදාළ වාර්තාවන් ඉදිරිපත් නොවූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය විෂය 2020 වර්ෂයේ කාර්ය සාධනයට අදාළ කරුණකි. එම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විකල්ප විධායක අධ්‍යක්ෂක තනතුරේ සිටියේ ද වත්මන් මහ බැංකු අධිපතිගේ මිතුරියක වන බැවින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා ගැනීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුවිපරම් කිරීම ඉතා පහසු කරුණක් බවට සැකයක් නොමැත.

ආර්ථිකය පිරිහීම සම්බන්ධයෙන් ආචාර්ය වීරසිංහ දිවයින ඉරිදා සංග්‍රහය සදහා දක්වන පළමු කරුණම සෑම අතින්ම ඔහු වගකිව යුතු තත්ත්වයක් සේම, ඔහු විසින් නිර්මාණය කරන ලද තත්ත්වයක් බව කිව හැකිය. එසේ නම් පළමුව ආචාර්ය කුමාරස්වාමි සමග විදෙස් ණය උගුල අටවා, දෙවනුව ආචාර්ය වීරසිංහ විසින්ම ශ්‍රී ලංකාවට නිරායාසයෙන්ම ලැබිය යුතු මුල්‍ය අරමුදලේ, කඩිනම් මුල්‍යකරණ පහසුකම  ද අහිමි කර ඇති බවය. එය ආර්ථික අපරාධයක් පමණක් නොව මනුෂ්‍යත්වයට එරෙහිව ද සිදු කරන ලද අපරාධයකි. කොවිඩ් වැනි ව්‍යසනකාරී අවස්ථාවකදී රටේ ජනතාවට එන්නත්කරණය, ආහාර පාන, සෞඛ්‍ය පහසුකම් සදහා ලැබෙන ආධාර මුදල සිය පටු පරමාර්ථය උදෙසා ආචාර්ය වීරසිංහ මුලික වි නවතා දමා ඇති බව පැහැදිලිය. එපමණක් නොවේ, ඔහු අර්බුදය සදහා පෙරවදන සපයන්නේ ද සිය කුමන්ත්‍රණය අනෙකා මත පටවමිනි. එසේ නම් ආචාර්ය නන්දලාල් වීරසිංහ දැන් ඔය අධිපති ආසනයෙන් නැගිට, අධිකරණය සදහා යෑමට සුදානම් වෙන්න.      

Advertiesment