කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාට දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී එක කාමරයක් සහිත මහල් නිවසක පදිංචි වීමට සිඩ්නි මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ.
ධනුෂ්ක ගුණතිලක මහතා සිකුරාදා (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.
ධනුෂ්ක ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්රාත් අධිකරණය ධනුෂ්ක ගුණතිලක මහතාට නව නිවසකට යාමට අවසර ලබා දී ඇති අතර නැවත වරක් 2023 ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිතව ඇත.
Lanka Newsweek © 2024