Monday 7th of October 2024

English Tamil
Advertiesment


COVID-19 ජීවිත තර්ජනය අවසන්..!


2022-12-15 14518

 

COVID-19 වෛරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

COVID-19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වර්ෂයේ දී වන අතර 2019 දී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් හිස වූ COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් බවට පත් වූයේ 2020 වන විටය. 

කෙසේ නමුත් COVID-19  තවමත් චීනයට හිසරදයකි. චීනය COVID-19 පාලනයට පැනැවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ. ඒ අනුව, වෛරසය ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදු වන බව පැවැසෙයි.

කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. සාර්ථක එන්නත්කරණය සහ COVID-19 වෛරසයේ සැර බාලවීමත් සමඟ වෛරස අවදානය ක්‍රමයෙන් පහව ගිය බවත්, තව දුරටත් COVID-19 සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

COVID-19 වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද  ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

COVID-19 පමණක් නොව, "එම්-පොකිස්' හෙවත් "මංකි පොක්ස්" (වදුරු පැපොල) සම්බන්ධයෙන් ද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

COVID-19 සේම "එම්-පොකිස්" ද අවදානම් තත්ත්වය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

“කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැවැසීය.

Advertiesment