යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කරමින් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පවසයි.
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තුතිවන්ත වන බවත් මෙමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු වර්ධනය වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද තල්ලුවක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සහය දක්වමින්, කන්කසන්තුරේ වරාය සහ කරයිකාල් ඇතුළු ඉන්දියාවේ විවිධ ස්ථාන අතර බෝට්ටු සේවාවක් ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ සමඟ නව දිල්ලිය ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද ගෝපාල් භග්ලේ මහතා වැඩි දුරටත් කියා සිටියි.
Lanka Newsweek © 2024