2024 දී පැවැත් වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයට "Republican Part" අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබ වූයේ 2017 සිට 2021 දක්වා එක් ධුර කාලයක් සදහා පමණක් වන අතර ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.
තව දින කිහිපයකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ "Republican" පක්ෂය මේ වන විටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.
2020 වසරේ තමා පරාජයට පත් වී, "Democratic" අපේක්ෂකයා වන ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, එම ජනාධිපතිවරණයේ දී සිදු වුණු ඡන්ද වංචා නිසා යැයි ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රසිද්ධියේම චෝදනා කර සිටියි.
මේ අතර හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ද සහය වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙමින් සිටින අතර බැරැක් ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබ වද්දී, ජෝ බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
Lanka Newsweek © 2024