Sunday 13th of October 2024

English Tamil
Advertiesment


තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී


2022-10-25 14328

 

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීමට නියමිතය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එම කතාව විනාඩි 10 කට සීමා විය.

එහිදී ඉදිරියේදී ඇති වන අභියෝග හමුවේ කන්සවර්ටිව් පක්ෂය එකමුතුව කටයුතු කළ යුතු බවත් එසේ අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් පිටව යා හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ රජයේ නව කැබිනට් මණ්ඩලය අඟහරුවාදා (25) දින පත් කිරීමට නියමිත අතර එහිදී පෙනී මෝර්ඩන්ට් විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් සුඑල්ලා බ්‍රේවර්මන් නැවත වරක් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

තවද භාණ්ඩාගාර අමාත්‍ය ධුරයේ ජෙරමි හන්ට් දිගටම කටයුතු කරනු ඇති අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.

 

Advertiesment