Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්දීය අගමැති යළි පාසල් යයි 


2022-10-20 14319

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.

ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තය වන අතට ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර නරේන්ද්‍ර මෝදි මහතා වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.

ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, නරේන්ද්‍ර මෝදි මහතා ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි.

Advertiesment