Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්දීය කැස්ස පැණිය බිව්ව දරුවන් 66ක් මැරිලා 


2022-10-06 14323

 

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දූ දරුවන් හැට හය දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ "Twitter"  නිවේදනයත දැක්වෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මිය ගොස් ඇත්තේ ඉන්දියාවේ, "Maiden Pharmaceuticals" ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. 

Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග හතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින අතර දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ගය. 

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබෙන අතර සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මිය ගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද පැවැසෙයි.

 

Advertiesment