රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට අමෙරිකා එක්සත් ජනපදය බියට පත් නොවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අනතුරු අඟවා සිටියි.
යුක්‍රේනයේ කාලාප හතරක් රුසියාවට ඈඳා ගැනීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී ඔහු රුසියානු ජනාධිපතිවරයා ඇමතුවේ කැමරාවට ඇඟිල්ල දිගු කරමිනි.
"Neto භූමියට අයත් සෑම අඟලක් ම ආරක්ෂා කිරීමට අපගේ Neto හමුදා සමග අමෙරිකාව සම්පුර්ණයෙන් ම සූදානම්ව සිටිනවා. ව්ලැඩිමීර් පුටින්..මම කියන දේ වැරදියට තේරුම් ගන්න එපා. හැම අඟලක්ම අපි ආරක්ෂා කරනවා" යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
මේ අතර Neto සංවිධානයේ මහා ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේන කලාප මෙසේ රුසියාවට ඈඳා ගැනීම යුද්ධය ආරම්භයේ සිට ඇති වූ බරපතළ ම සිදු වීමක් බව ය.
ඈඳා ගත් නව කලාප ආරක්ෂා කිරීම සඳහා න්‍යෂ්ටික අවි භාවිත කරන බවට පුටින් සැඟවුණු තර්ජනයක් කරන්නේ යැයි පෙනී ගිය බව එම වාර්තා මගින් පෙන්වා දී ඇත.
යුක්‍රේනයේ කර්සන්, සපොරීෂියා, ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන කලාප රුසියාවට ඈඳා ගත් බව එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිල වශයෙන් සිකුරාදා (30) මොස්කව් නුවරදී පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කළ අතර එහිදී එක් එක් කලාප සඳහා රුසියානු පාලකයින් පත් කිරීමට ද ඔහු පියවර ගත්තේ ය.
දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමෙන් එක්සත් ජනපදය පූර්වාදර්ශයක් දී ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රකශය සැඟ වුණු තර්ජනයක් ලෙස පෙනෙන බව ය.
Lanka Newsweek © 2024