Sunday 13th of October 2024

English Tamil
Advertiesment


සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා මියයයි


2022-08-31 14317


 

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් ‍මිය යයි.
 
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91කි. 
 
ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි. 
 
ඉකුත් කාලය පුරා ගොර්බචෝව් රෝගාබාධ රැසකින් පීඩාවට විදි බවත්, ඔහු මියගියේ රෝහල් ගතව සිටියදී බවත්, රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
 
සෝවියට් නායක ගොර්බචෝව් ගේ අභාවය, සැලවූ විගස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළ බව ද විදෙස් වාර්තාවල සඳහන්වේ. 
 
මිකායල් ගොර්බචෝව්, බලයට පැමිණියේ 1985 වසරේදීය. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර සබඳතා යහපත් තත්වයකට ගෙන ඒමට ක්‍රියා කළ නායකයෙකු ලෙස ද මොහු සැලකේ. 
 
සෝවියට් සමූහාණ්ඩුව බිදවැටීමට වසරකට පෙර 1990 දී මිකායල් ගොර්බචෝව්ට නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය. ඒ, විරසක පසෙකලා සෝවියට් සමූහාණ්ඩුව සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා පවත්වා‍ ගෙන යාමට ප්‍රමුඛත්වය ගත් බැවිනි. කෙසේ වුවද, 1991 වසරේදී  සෝවිට් සමූහාණ්ඩුව කැඩී වෙන්වීම වලක්වා ගැනීමට ගොර්බචෝව් ට හැකි වූයේ නැත. මේ නිසා, ඇතැම් රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබලිවලට වෙන් වූයේ, මිකායල් ගොර්බචෝව් ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවයි. 
 

Advertiesment