ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බරතාවය මේ වන විට රුපියල් දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ, 2022 වසරේ අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය මාස 4ක් ඇතුළත 32%ක ප්‍රතිශතයකින් ඉහළ යෑම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310.1ක් ලෙස වාර්තා වෙයි. ඒ මුදලින් රුපියල් බිලියන 12,442.3ක් දේශීය ණය වන අතර විදේශීය ණය රුපියල් බිලියන 10.867.8ක් බව ද මහ බැංකුව පවසයි.
2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක දී රුපියල් බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩිවී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
මේ අනුව රටේ සෑම පුරවැසියෙකු සේම හෙට උපදින බිළිඳා ද රුපියල් දස ලක්ෂයක ණය කාරයෙකු බවට පත්ව ඇතැයි ද ශ්‍රී ලංකා මහා බැංකුවේ එම වාර්තා සහ දත්ත පෙන්වා දෙයි.
Lanka Newsweek © 2024