Monday 14th of October 2024

English Tamil
Advertiesment


“මම ලැම්බෝ ගිනි දැකලත් නැහැ-පැදලත් නැහැ”


2019-07-02 15724

 

“නාමල් බේබි” කරළියට ගෙනාවේ සජිත් ප්‍රේමදාස..!

“මම නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ”

චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ..!

මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් සහ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාත නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ කෙටි දේශපාලන සංවාදයකි..!

මේ දවස්වල මොකද කරන්නේ..?

සාමාන්‍ය දේශපාලන කටයුතු කර ගෙන ඉන්නවා.

හැමවෙලේම ඔබේ වචන අතර “හම්බන්තොට ජනතාව” කියන වචනය ඇයි තියෙන්නේ...රටේ අනෙකුත් අය ඔබේ ජනතාව නෙමෙයිද..?

දකුණේ ජනතාව තමයි වටේම ඉන්නේ..මගේ ගම ඒ වගේම මට එදිනෙදා මුණ ගැහෙන්නේ ඔවුන්.ඒකයි.

බලය අහිමි වුණාට පසුවත් පරණ යාළුවො තවමත් ඉන්නවද..?

පරණම  යාළුවො ටික ඉන්නේ අද ...බලයත් සමග සිටි යාළුවො අද මැති ඇමතිවරු සමග ඉන්නවා.

කැමතිම වාහනේ ලැම්බෝ ගිනි ද..?

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ කාලයේදී තමයි ඔය කතාව එයාලා පැවසුවේ.මම ලබ්ම්බෝ ගිනි දැකලත් නැහැ..පැදලත් නැහැ..!

නාමල් රාජපක්ෂට කොහෙන්ද මෙච්චර සල්ලි..?

එහෙම කිවුවේත් මංගල සමරවීර..මමත් මේ කියන සල්ලි එතුමලා හොයලා දෙන කල් බලන් ඉන්නවා..!

වැඩිපුරම ආදරේ මොන මල්ලිටද..?

දෙන්නටම එක වගේ..අපි තුන් දෙනාම එකම වගේ ඉන්නවා.

පාසල් කාලයේ අමතක කරන්න බැරි සිදුවීම් මොනවද..?

ගොඩක් තියෙනවා..ඕවා කිවුවොත් මට ගෙදර ඉන්න ලැබෙන එකක් නැහැ.

හොර වැඩ කරලා අප්පච්චිගෙන් ගුටි කාලා තියෙනවද..?

හොර වැඩ කරලා අහු වුණේ නැති නිසා ගුටි කන්න වුණේ නැහැ.

අම්මාද අප්පච්චිද වැඩියෙන්ම සැර..?

අප්පච්චිට ඕන දේ අම්ම ලවා තමයි කියවන්නේ..දෙන්නම සැර නැහැ.

නාමල් රාජපක්ෂ මොඩ්ලින්වලට කැමතිද..?

නැහැ..මම ඕක දන්නෙත් නැහැ.

එහෙනම් ඇඟ හදා ගන්න ඔච්චර උනන්දු ඇයි..?

ඒක ක්‍රීඩාවත් එක්ක ආපු දෙයක්..ඇග හැඩ ගන්නවට වඩා මට අවශ්‍ය නිරෝගිමක. ඒකෙන් ඇග හැදෙනවා.

කැමතිම කෑම..?

දැන් වසර 26ක් මස් මාළුවලින් තොරයි..!

කැමතිම ඇඳුම..?

ඩෙනිම සහ ටි ෂර්ට් එක...

දේශපාලනයට පිවිසුණේ නැත්නම් කවුරු වෙයිද..?

නීතිඥයෙක්..!

විවේක වේලාවල්වලදී මොකද කරන්නේ..?

යෝග කරනවා..නමුත් විවේකයක් නැහැ.

නාමල් රාජපක්ෂ ආදරය ගැන හිතන්නේ කොහොමද..?

ආදරේ තාම සොයනවා. තවම හම්බ වෙලා නැහැ..!

ඔබේ අනාගත බිරිද ගැන දෙමවුපියන්ගේ අදහස මොකද්ද ?

අපේ පවුලේ එහෙම කිසි දෙයක් කියල නැහැ..ඉදිරියට කියන්නෙත් නැහැ.

පියා වගේ රූප සුන්දරියක් විවාහ කර ගන්න අදහසක් නැද්දද..?

ඒක මගේ පින අනුව සිද්ධ වේවි..!

“නාමල් බේබි” ආඩම්බරද..?

“නාමල් බේබි” කියන කතාව ආවේ සජිත් ප්‍රේමදාසගෙන්..මං ගැන දන්නා අය හොදට මං කවුද කියලා දන්නවා.

ඔබ බලය අයුතු ලෙස භාවිතා කළාද..?

එහෙම කියනවා ආණ්ඩුවේ අය...හැබැයි මම “නයිට් ක්ලබ්” නම් කුඩු කරලා නැහැ..!

ඔබේ ප්‍රතිපත්තිය මොකද්ද..?

මම  විශ්වාස කරන දේ පසු පස හඹා යාම..හදවතේ චේතනාව හොදයි නම් හොදක් වෙනවා..!

නොහිතපු වේලාවකදී අත්දැකීම් ගණනාවකට මුහුණ දෙන විට මොකද හිතුණේ..?

දේශපාලනයේදී ඒවා එහෙමයි...ඒවා බලාපොරොත්තු විය යුතුයි. සියල්ල අත්දැකීම්. ජිවිතේ සාර්ථකත්වය කියන්නේ ඒ දේවල්වලට නොවෙනස්ව නොසැලී මුහුණ දීමයි..!

-අශන්ති වරුණසුරිය-

 

Advertiesment