Tuesday 21st of April 2026

English Tamil
Advertiesment


ජනපති අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ගෙනත්


2022-08-17 14878


 

 

අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුවට ඊයේ (16) එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේදී මන්ත්‍රීවරුන්ව නම්මවා ගැනීමට විවිධ වාසි සහ සහන දීමට කටයුතු කර තිබෙන බවත් මේ පත්‍රිකාවෙන් එය තවදුරටත් ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබෙන බවත් හෙතෙම කීවේය.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගි වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වෙන බවත් කීවේය. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියැදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා දී තිබේ.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බව ද පැවසීය.

රට ගොඩනඟනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව විසින් මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බවත් එවැනි දේ අවශ්‍ය නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නැති බව ද පැවසීය.

Advertiesment