Monday 24th of March 2025

English Tamil
Advertiesment


ආසියාවේ ධනවත්ම කාන්තාව ඉන්දියාවෙන්


2022-08-15 14350


 

ඉන්දියාවේ 72 හැවිරිදි කාන්තාවක ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස ‘බ්ලුම්බර්ග්‘ වෙබ් අඩවිය මඟින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාවිත්‍රි ජින්දාල් නමැති මේ කාන්තාව හර්යානා ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරියක වන අතර, එරට සුප්‍රකට ජින්දාල් සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය ද වේ. වානේ, බලශක්ති, ගෑස්, තෙල් සහ පතල් කැණීම් සඳහා ප්‍රකට මේ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය ලෙස සාවිත්‍රිගේ වත්කම ජූලි මස අවසන් වන විට අමෙරිකා ඩොලර් 11.3ක් බවට වාර්තා වේ.

මීට පෙර ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස චීනයේ යැංග් හුයියැං වාර්තා පොතට එක් වී සිටියාය. පසුගිය ජනවාරි මසයේදී ඩොලර් බිලියන 23.7ක වත්කමකට හිමිකම් කියමින් ඇය මේ වාර්තාව තබා තිබිණි. එහෙත් පසුගිය ජූලි මාසය අවසන් වන විට ඇගේ වත්කම ඩොලර් බිලියන 11 දක්වා පහත වැටී තිබේ. ඒ අනුව ආසියාවේ ධනවත්ම කාන්තාවන්ගේ නවතම ලැයිස්තුවේ ඇයට හිමි වී ඇත්තේ සිව්වැනි තැනය.

 

Advertiesment