Tuesday 20th of May 2025

English Tamil
Advertiesment


තායිවානය අයිති චීනයට ඇමෙරිකාවට නොවෙයි


2022-08-08 14384

 

 

තායිවානය චීනයට අයත් භූමියක් මිස, ඇමෙරිකාවට අයත් භූමියක් නොවේ යැයි චීන විදේශ අමාත්‍ය වැංග් ඊ පවසයි.

චීන විදේශ ඇමැතිරයා කළ මෙම ප්‍රකාශයත් සමඟ තායිවානය මුල්කොට ගනිමින් චීනයත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වන බවක් පෙනී යන බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

තායිවානය මුල්කොට ගනිමින්, චීනයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසී තායිවානයට පැමිණි බැවිනි.

ධවල මන්දිරය අවධාරණය කළේ එය නැන්සි පොලෝසීගේ පෞද්ගලික සංචාරයක් බවය. කෙසේ නමුත් පොලෝසී තායිවානවය පැමිණ තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන්ග් හමුවූවා පමණක් නොව, තායිවාන පාර්ලිමේන්තුව ද ඇමැතුවාය.

කතා නායිකා නැන්සි පොලෝසි, තායිවානයට පය තැබූ අවස්ථාවේ පටන් චීනය තායිවානයට අනතුරක් වන අයුරින් දැවැන්ත යුද අභ්‍යාසයක් තායිවානය අසල මුහුදේ ආරම්භ කර තිබේ. ඊට අමතරව, තායිවානයට සම්බාධක පැනැවීමට ද චීන රජය කටයුතු කර තිබේ.

චීනය තායිවානයට පමණක් නොව, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසි සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ද සම්බාධක පනවා ඇති බව පැවැසෙයි.

Advertiesment