Monday 24th of March 2025

English Tamil
Advertiesment


ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි


2022-08-02 14380


 

ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් වෛරසයට සම්බන්ධ ඉන්දියාවේ පළමු මරණය වාර්තා වී තිබේ.  
 
ඒ අනුව පසුගිය සෙනසුරාදා කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ, පුන්නයූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාම ඉන්දියාවේ මන්කිපොක්ස් වෛරසයට ගොදුරු වූ පළමු අවස්ථාව ලෙස සදහන්වේ. 
 
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ 22හැවිරිදි පුද්ගලයා වෙනත් රටක එම වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවයි.
 
මෙම තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පසුගිය ජූලි 22වැනිදා කේරළයට පැමිණ තිබේ.
 
ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ මන්කිපොක්ස් වෛරසය සහිත රෝගීන් හතරෙන්, තුන් දෙනෙකුම කේරළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
 
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO)නිල දත්තවලට අනුව, ජනවාරි 01 සිට ජූලි 22 දක්වා කාලය තුළ මන්කිපොක්ස් රෝගීන් 16,016 ක් පමණ තහවුරු වී තිබේ.
 
කෙසේ වෙතත්, මෙම රෝගීන් රටවල් 75ක් පුරා පැතිරී තිබුණද, දැනට වාර්තා වී ඇත්තේ මරණ පහක් පමණක් වීම විශේෂත්වයකි. 
 
පසුගිය සිකුරාදා(29) ස්පාඤ්ඤය සහ බ්‍රසීලයෙන් අප්‍රිකාවෙන් පිටත පළමු මරණ වාර්තා වුණි.
         

Advertiesment