Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


අමෙරිකා තානාපතිනිය, අගමැති හමු වෙයි


2022-07-29 14333


 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ(28) පස්වරුවේ එම හමුව සිදුව ඇත. 

 අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සහ වෙළද සබදතා සෑම වකවානුවකදීම අඛණ්ඩව ලබාදීමට කටයුතු කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඇගයීමට ලක් කළේය.

 ඉදිරියේදී මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා සහාය අපේක්ෂා කරන බවත් තාක්ෂණ හා මූල්‍ය සහාය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුළුල් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

 ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අභියෝග හමුවේ අමෙරිකාවේ සහාය ශක්තිමත් ලෙසින් තවදුරටත් අපේක්ෂා කරන බව ජුලි  චන්ග් මහත්මිය මෙහිදී පැවසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතීන්වල සහාය හා ද්වීපාර්ශ්වික ආයෝජන සදහා වැඩිදුරටත් කවුළුවක් විවර කරන බව අමෙරිකා තානාපතිනිය තවදුරටත් සදහන් කළාය.
 

Advertiesment