Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්දීය ජනපති තේරීමේ ඡන්ද ගණනය හෙටයි.


2022-07-20 14324

 
(ශානිකා ශිරෝමාලි) 

 

ඔඩීෂා ගෝත්‍රික නායිකාව මුර්මුට වැඩි වාසියක්

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව අතුරින් එරට ජනපති පදවියට පත් වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව බවට පත් වනු ඇතැයි ඉන්දීය දේශපාලන විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර ඇති ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂයෙන් ද, එක්සත් ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් හිටපු මුදල් ඇමතිවරයකු වන යෂ්වන්ත් සිං ද මීළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ඡන්ද විමසීම පෙරේදා පැවැත්විණි.

64 හැවිරිදි මුර්මු වත්මන් භාරතීය රජයේ විශ්වාසනීයත්වය දිනා සිටින අතර, ඇය මීළඟ ජනාධිපතිධුරට තේරී පත්වනු ඇතැයි වැඩි විශ්වාසය වී තිබේ.

84 හැවිරිදි යෂ්වන්ත් සිං ද එරට ජනතාව අතර මෙන්ම මන්ත්‍රීවරුන් අතර ද ජනප්‍රිය චරිතයක් බැවින් ඔහුට ද ජනපති වීමේ අවස්ථාවක් උදාවී ඇතැයි වාර්තා වේ.

ජනපති තෝරා පත් කිරීමේ ඡන්ද ගණනය හෙට (21) නවදිල්ලි නුවරදි සිදු කිරීමට නියමිත අතර, ලබන 25 වැනිදා නව ජනපති දිවුරුම් දීමට නියමිතය.

Advertiesment