Political Misinformation One of the most powerful communication tools available to politicians. "I have full confidence in the IMF. It is a very strong international institution" -Jose Manuel Barroso- Former President of the European Commission
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩ සටහනක් යනු රජයක් ප්‍රමාණාත්මක ඉලක්ක (අයවැය හිඟ ඉලක්කයක් වැනි) සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා කැපවීම වෙනුවෙන් වු විද්‍යාත්මක විනිවිද ලෝකයේ පිළිගැනීමට ලක් වන වැදගත් ගිවිසුමකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ සැලසුම ඊළඟ පරම්පරාව සඳහා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විද්‍යාත්මකව හැඩ ගස්වා ගැනිමට මහෝපකාරී වීම වේ. ඒ සමඟම, මෙම අවස්ථාව තිරසර ආර්ථික දියුණුවක් සහ සමෘද්ධියක් සඳහා ශ්‍රී ලංකාව අභිමුඛව ඇති අවසාන අවස්ථාවද විය හැකිය.
ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන 1965 දී ආරම්භ විය. එතැන් සිට රටක් ලෙස අප වෙනත් පොරොත්තු විධිවිධාන නවයකට සහ විස්තීරණ පහසුකම් හයකට අවතීර්ණ වී ඇත. අදාළ වර්ෂ වනුයේ, 1965-1966, 1968-1969, 1971-1974, 1977-1979, 1983-1988, 1991-2001, 2003-2003 සහ 2009- 2016 ය.
ජාතියක් මැතිවරණයේදී පීඩාකාරී සහ ප්‍රතිගාමී ආණ්ඩුවක් තෝරා ගත් විට එම ආණ්ඩුව සිය රට පමණක් නොව මනුෂ්‍යත්වය ද අභියොගයට ලක් කරනු ඇත. සර්ව ජන ජන්දායකයින්ගේ දැනුමේ අර්බුදය නොහොත් දේශපාලන නුගත්කම ශ්‍රී ලාංකේය ජාතියේ වර්ථමානය පමණක් නොව අනාගතයද විසල් කටුක අර්බුද රාශියක් වෙත අභිමුඛ කර ඇත.
කරුණාකර උස් හඬින් උච්ඡාරණය කරන ව්‍යාජ වචනවලට නොරැවටි සත්‍ය කරුණු සමග පෙළ ගැසෙන්න. අපි කෝපයෙන් ආපසු හැරී නොබලමු, බියෙන් ඉදිරිය නොබලමු, නමුත් දැනුවත්ව වටපිට බලමු.
Lanka Newsweek © 2025