Friday 21st of March 2025

English Tamil
Advertiesment


රටේ අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නැහැ


2022-06-22 14389

 

ජවිපෙ පාර්ලිමේන්තුව වර්ජනය කරයි 

 

(එරන්දි අනුරාධා)

 

නව අගමැතිවරයා පත් කර මේ වන විට මසකට අධික කාලයක් ගත වී තිබුණ ද පවතින අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මේ සතිය තුළ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (21) පැවසීය.

අගමැතිවරයා මේ වන විට රට තුළ පවතින අර්බුදයේ ප්‍රකාශකයා බවට පත් වී ඇති බව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

 

Advertiesment