කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපතිනිය සෝනියා ගාන්ධිගේ තත්ත්වය බරපතළ නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් දැනට 75 හැවිරිදි වියෙහි පසුවන සෝනියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන තුරු ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහලේ රැඳී සිටින බව ද වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධව ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ පෙනී සිටීමට නියෝග ලබා සිටි සෝනියා ගාන්ධිට එම ප්‍රකාශය ලබාදීමට නියමිතව තිබූ අතර, කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දී ඇත.
සෝනියා ගාන්ධිගෙන් මෙන්ම ඇගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධිගෙන් ද ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ප්‍රකාශයක් ගැනීමට නියමිතය. ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය සෝනියාගෙන් සහ රාහුල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ පැරැණිතම පුවත්පතක් වන නැෂනල් හැරල්ඩ් පුවත්පත ප්‍රකාශයට පත් කරන සමාගම මිලදී ගැනීම සඳහා කොංග්රස් පක්ෂයේ මුදල් අවභාවිත කළ බවට සෝනියාට සහ රාහුල්ට එරෙහිව එරට දේශපාලඥයකු හා ආර්ථික විද්‍යාඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි විසින් පවරන ලද නඩුවකට අදාළවය.
Lanka Newsweek © 2024