Wednesday 6th of July 2022

English Tamil
Advertiesment


පිළිකා නසා පපුවේ අමාරු වළකා ශක්තිය වඩන විශ්මිත ඔසුව


2022-06-10 4572

 

(එරන්දි අනුරාධා) 

 

"අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් සහ මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්, අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා "අහු" ශාකය බොහෝ සෙයින් උපයෝගී කර ගෙන ඇත. දකුණු පළාතේ ගෙවතුවල "අහු" වැවීමක් සිදු නොකරන අතර අතරමඟකදී දුටුව හොත් විනාශ කර දමයි. ඊට හේතුව අණවින කොඩිවින කිරීම සඳහා මෙම ශාකය හා බැඳුණු විශ්වාසයයි.

ගෙඩි වණ වෙදකමෙහිත්, කැඩුම් බිඳුම් සහ සර්ප විෂ වෙදකමෙහිදීත් බහුල වශයෙන් මෙම "අහු" යොදා ගැනෙයි. වෙරළාසන්න ශාක පවුලකට අයත් ශාකයක් වන "අහු" දකුණු පළාතේ කෙසේ වුවත් වෙනත් ප්‍රදේශවල ගෙඋයන්වල දැකිය හැකි ශාකයකි.

බීජ මගින් බෝ වෙයි. මීටර් 9 ක් පමණ උසට වැඩෙන කුඩා ගසකි. අස්වැන්න වශයෙන් දළු, කොළ, මුල්, පොතු සහ ගෙඩි වියළා ගැනීමෙන් තොරව අමු ඖෂධ වශයෙන්ම භාවිතයට ගනී. ඉදුණු "අහු" ගෙඩිවල ඇති අප්‍රසන්න ගන්ධය නිසා කෘමීන් හෝ පක්ෂීන් හෝ වෙනත් කිසිදු සතෙකු පරිභෝජනයට නොගනී. එම තත්ත්වය ශාකයේ ප්‍රචාරණයට තරමක බාධාවක් වුවත් එක ගෙඩියකින් පමණක් ඇති වන පැළ සංඛ්‍යාව 50-70 පමණ බව ද කිව යුතුය. ගිණිකොනදිග ආසියානු රටවල ද, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ පැසිපික් කලාපයේ ද මෙම "අහු" දැකිය හැකියි.

"අහු" ඉතා වටිනා ඖෂධයක් බව පර්යේෂණ මගින් තහවුරු කර ගෙන ඇත. ප්‍රාථමික පිළිකා සෛල නිෂේධනය කර දේහය ශක්තිමත් කරන, රුධිර පීඩනය පහත හෙලන සහ හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරියාමය ගුණ දක්වන, සෛල බිත්ති ශක්තිමත් කරන, අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන "අහු" ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. Morinzhi නම් ස්වභාවික යුෂය "අහු" ගෙඩිවල තිබෙන අතර එම යුෂ භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මුල් වතාවට යුෂ පානයේදී උදේ සහ රාත්‍රී ආහාරයට පැය 1/2 කට ප්‍රථමයෙන් තේ හැඳි 02 බැගින් ද, පසු මාසවල දී උදේ, දවල් සහ රාත්‍රී තේ හැඳි 2 බැගින් ද, වෛද්‍ය උපදෙස් අනුව ගැනීමෙන් මහත් නිරෝගී බවක් ලබා ගත හැකි වන බව ද ඔවුහු තව දුරටත් පවසති.

 

Advertiesment