Wednesday 6th of July 2022

English Tamil
Advertiesment


තෙල්-ගෑස් පෝලිම්වල මින්ස්සු මිය යන හේතු මෙන්න..?


2022-06-10 4441

 

පෝලිමෙත් ඉඳලා වැඩෙත් කර ගෙන ජීවිතයත් රැක ගන්නේ මෙහෙමයි

 

(ශානිකා ශිරෝමාලි) 

 

පැය හතරකට වඩා වැඩි කාලයක් තෙල් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම්වල (විශේෂයෙන්ම නොසෙල් වන පෝලිමක) ගත කිරීමේදී කකුල්වල ලේ නහරවල ලේ කැටි හට ගැනීමේ (Deep Vein Thrombosis) අවදානමක් සෛද්ධාන්තිකව ඇත. මෙම ලේ කැටි නිසා හෘද්‍යාබාධ, ආඝාත (අංශ භාගය) සේම මරණයද සිදු විය හැක.

වයස 35ට වැඩි, තරබාරු, දුම්පානය කරන, මීට පෙර ලේ කැටි හිරවී හෝ හෘද්‍යාබාධ වැනි රෝග ඇති, පවුලේ අයට එවැනි රෝග ඇති සහ දියවැඩියාව සේම අධික රුධිර පීඩනය වැනි රෝග ඇති අයට මෙම අවදානම තවත් වැඩිය. ඒ නිසා ඔබ මෙවැනි අවදානම් කණ්ඩායමකට අයත් නම් තෙල් සහ ගෑස් ඇතුළු පෝලිම්වලට නොයා සිටීම වඩාත් සුදුසු විය හැක.

මේ අවදානම අඩු කර ගැනීමට සෑම පැය කිහිපයකට වරක්ම වාහනයෙන් පිටතට බැස මඳක් වාහනය අවට ඇවිදින්න. එසේ නොහැකි නම් මිනිත්තු තිහකට පමණ වරක් කෙන්ඩවල මාංශ පේශී (Calf Muscles) ක්‍රියාත්මක වන ලෙසින් කකුල (පතුල) ඉහළ පහළ යවන්න. මුත්‍රා කිරීමට විදිහක් සොයා ගත හැකි නම් තෙල් පෝලිමට යාමට පෙර සහ පෝලිමේ සිටිද්දී හොඳට අවශ්‍ය තරම් වතුර පාලනය කරන්න.

කකුල්වලින් අධික වේදනාවක්, හෘදයාබාධයක රෝග ලක්ෂණයක්, ආඝාතයක රෝග ලක්ෂණයක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුව හොත් 1990 ට වහාම අමතන්න. අවට වාහනවල සිටින අයට දැනුම් දී උපකාර ඉල්ලන්න. වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
 

Advertiesment