Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


දේශපාලන නූගත්කමට තිත තැබිය යුතු කාලය එළැඹ තිබේ 


2022-06-03 14328

 

ජාති වාදී-ආගම් වාදී චෞරයන්ගේ ඝෝෂාවලට නොරැවටෙනු 

 

අද්‍යතන ප්‍රජාතන්ත්‍රවාදය ලෞකිකය

 

 
(දේශප්‍රිය නානායක්කාර)

 

Secularism is the principle based in secular humanism that seeks to conduct human affairs based on secular, naturalistic considerations. "Liberty, Equality, Fraternity"  All human beings are born free and equal in dignity and rights.

ශ්‍රී ලාංකේය ජන සමාජයයේ දේශපාලනික චිත්තවේගීය පරිණතභාවය සඳහාත් (Political Emotional  Maturity) සමාජීය පොදු යහපත (Common Good) වෙනුවෙනුත් විද්‍යාත්මක චින්තනයේ සහ ලෞකික රාජ්‍යකරණයේ සිතුවිලිවලින් පොහොසත් දැනුම් සමාජයක් තීරණාත්මකය. 

දේශපාලන අර්ථයෙන්, ලෞකිකත්වය යනු ආගම සහ රජය වෙන් කිරීම සඳහා වන අභ්‍යාසයකි. (In political terms, secularism is a movement towards the separation of religion and government ) හත් වන ක්ලෙමන්ට් පාප්තුමා (Clemente VII) එඳිරිව එංගලන්තයේ අට වන හෙන්රි (Henry VIII) රජුගේ ගැටුම මානවයන්ගේ "ජාතිකවාදය" මානවීකරණය විමට මාර්ගෝපදේශනය සපයන ලදී යනු නිවැරදිය.

උක්ත අට වන හෙන්රි (28 ජූනි 1491 - 28 ජනවාරි 1547) 1509 අප්‍රේල් 22 සිට 1547 දී ඔහුගේ මරණය දක්වා එංගලන්තයේ රජු විය. අට වන  හෙන්රි වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ පළමු විවාහය (Catherine of Aragon) අවලංගු කිරීමට ගත් උත්සාහය ඇතුළුව ඔහුගේ විවාහයන් හය (06) හේතුවෙන්‍ ය.

අට වන හෙන්රි ව හත් වන ක්ලෙමන්ට් පාප් වහන්සේ විසින් කිතු සසුනෙන් නෙරපිමට (Excommunicate) කටයුතු කරන ලද්දේ ඔහුගේ පළමු විවාහය අවලංගු කිරිමට ගත් උත්සාහයට එරෙහිවය. අට වන හෙන්රි උක්ත නෙරපිම නොපිළිගෙන ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට ක්‍රියාත්මක වූ අතර, එංගලන්ත පල්ලිය පාප්ගේ අධිකාරියෙන් වෙන් කළේය. ඉන් අනතුරුව තෙමේම එංගලන්ත පල්ලියේ උත්තරීතර ප්‍රධානියා ලෙස පත් වු අතර කන්‍යාරාම සහ ආරාම විසුරුවා හැරිමට ද කටයුතු කර ඇත. ඒ අනුව දේශපාලනය ලෞකිකකරණය (Secularisation) වීම ආරම්භ විය.

අද්‍යතන ජාතිකවාදයේ පළමු පූර්ණ ප්‍රකාශනය සිදු වූයේ 17 වැනි සියවසේ එංගලන්තයේ, අති සදාචාර වාදි නොහොත් කාමසුඛල්ලිකතාව (Puritan Revolution) විප්ලවයේ දී ය. මෙම විප්ලවය හේතුවෙන් එංගලන්තය විද්‍යාත්මක ආත්මයේ, (Scientific Spirit) වාණිජ ව්‍යවසායයේ, (Commercial Enterprise) සහ දේශපාලන චින්තනයේ සේම ක්‍රියාකාරකම්වල (Political Thought and Activity) ප්‍රමුඛ ජාතිය බවට පත්වු බව ඉතාමත්ම පැහදිලිය.

මෙකී නව යුගය පිළිබඳ ඉමහත් විශ්වාසයකින් පිරී ඉතිරී ගිය ඉංග්‍රීසි ජනයාට ඉතිහාසයේ මෙහෙවර සිය උරහිස් මත ඇති බව දැනෙන්නට ඇති බව ස්ථීරය. ඉංග්‍රීසි ජන සමාජය නව සැබෑ ප්‍රතිසංස්කරණයන් සහ නව නිදහසක් ආරම්භ වන මහා සන්ධිස්ථානයකට තමන් පැමිණැති බව අවබෝධ කර ගෙන ඇති බව ඉතා පැහදිලිය. මෙකි  මහත් වු විශ්වසනීය හැඟීම් සමුදාය සියලු රට වැසියන්ගේ අභ්‍යන්තරයෙන්ම වර්ධනය වී ති බවට ඉතිහාසය සාක්ෂි දරනු ලබයි.

ඉංග්‍රීසි විප්ලවයේ දී ශුභවාදී මානවවාදයක් (Optimistic Humanism) කැල්වින්වාදී ආචාර ධර්ම (Calvinist Ethics ) සමඟ ඒකාබද්ධ වූ අතර, පැරණි ඊශ්‍රායාල ජාතිකවාදයට බයිබලයේ බලපෑම කෙතරම්ද යත් අවබෝධ කර ගත් ඉංග්‍රීසි ජනතාව නව ජාතික වාදයට විසල් ශක්තියක් ලබා දුන්නේය.

මෙකී මිනිසුන් විසින් එංගලන්තයට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම ගෙන යන නව පණිවිඩය, ජෝන් මිල්ටන් කවියාගේ (John Milton (1608–74) is considered the most significant English writer after William Shakespeare.) ලේඛනවලින්ද කදිමට සමුධ්‍රනය වෙමින් ප්‍රචලිත විය. ජෝන් මිල්ටන්ගේ සුප්‍රසිද්ධ මානවිකරණයේ මානුෂීයවාදයේ දැක්ම ඇතුළත නිදහස පිළිබඳ මතවාදය බ්‍රිතාන්‍යයෙන් ව්‍යාප්තවී  පෘථිවියේ සෑම දිසාවක් සිසාරා ගලා පැතිරෙමින්  ව්‍යාප්ත වුයේ නිදහසේ වර්ධනය සඳහා වඩාත් ප්‍රාණවත් මතවාදයක්  ලෙස නිමක් නැති යුග ගණනාවක් පුරාවටමය. 

නිදහස සඳහා වූ එහි උද්යෝගය, එහි මානුෂීය ස්වභාවය, පුද්ගල අයිතිවාසිකම් සහ සියලු ජාතික බෙදීම්වලට වඩා මානව ප්‍රජාව කෙරෙහි එහි අවධාරණය, ඉංග්‍රීසි ජාතිකවාදයේ පිබිදිමට හේතු වී ඇත. එමෙන්ම මඟ හැරිය නොහැකි සමාජීය පුර්වාදර්ශය වුයේ වෙළඳ මධ්‍යම පංතියේ නැගීම සහ විද්‍යා තාක්ෂණික පුනරුදය සමග මානූෂීයවාදය සමපාත විමය. 

උක්ත නවින සිතිමේ තත්ත්වය ජෝන් ලොක්ගේ (John Locke (1632–1704) දේශපාලන දර්ශනය ඇතුළතට කිදා බැස එහි අවසාන ප්‍රකාශනය සොයා ගත් අතර, එම සොයා ගැනීම ඊළඟ සියවසේදී ඇමරිකානු සහ ප්‍රංශ ජාතිකවාදයේ මානවිකරණයට හේතු වී ඇත. දෙවියන් වහන්සේ සියලු මිනිසුන් ස්වභාවිකව රාජාණ්ඩුවකට යටත් කර ඇති බවට කරන ප්‍රකාශයන්ට එරෙහිව මිනිසුන් ස්වභාවයෙන්ම නිදහස් සහ සමානය යන ප්‍රකාශය ආරක්ෂා කිරිමට ජෝන් ලොක්ගේ විවිධාකාරයෙන් සපිරි අර්ථ දැක්විම් හේතු විය.

පෘථිවියේ ජාතීන් දිගු කලක් තිස්සේ ඔවුන්ට අහිමි වූ  නිදහස නැවත ලබා ගැනිම සඳහා අභ්‍යාස කරන ලද අරගලවලදී සිය පණ ණළ, නොදුටු අනෙකා වෙනුවෙන් පුජා කර ඇත්තේ අද සාමකාමිව ජීවත් වන අප වෙනුවෙන් බව මොහොතකට හෝ අමතක කිරිම මිනිසත් බවට මහත් වු නිගරුවකි යනු පරම නිවැරදිය.

ශ්‍රී ලංකාව නම් වු අප ඉපදෙන මැරෙන මේ දිවයිනේ ජනතාව නගර, රාජධානි සහ ජාතීන් අතර ශිෂ්ටාචාරයේ සේම නිදහසේ ආශිර්වාදය බෙදා ගැනිමට ජාතික වාදය යනු මානුෂීය වාදය බවට අවබෝධ කර ගත යුතුමය. යතුර හැරවීමට නිදහස ඇති වන පරිදි මලකඩ සහිත අගුලක් තෙල් කළ හැකිය. ඒ අයුරින් පොදු ජනයාගේ නිදහස වෙනුවෙන් නොදියුණු දේශපාලන දැනුම විද්‍යාත්මක චින්තනයේ සිතුවිලිවලින් පොහොසත් කර ගත යුතුය. 

දේශපාලන බලයට  කෑදර නූගත් ව්‍යාජ දේශමාමක වාචාලයන්ගේ චෞර ඝෝෂාවලට ජනයාගේ  දැනුම අපහරණය කිරිමට එරෙහිව පොදු ජනයා පෙළ ගැසිය යුත්තේ ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ යහපත වෙනුවෙනි. අලුතින් සිටු වන ලද පැළයකට වැඩීමට නිදහස ලබා දීම සඳහා යටි පඳුරු කපා හැරිය යුතු වන්නා සේ ශ්‍රී ලාංකේය අනාගත පරපුර වෙනුවෙන් අපේ ජන සමාජයේ දේශපාලන නුගත්කම(Political Illiteracy) පිටු දැකිය යුතුය. 

දේශපාලන සාක්ෂරතාවය (Political literacy දියුණු කර ගත යුතුය. විද්‍යාත්මක කරුණු අනුව බුද්ධිමත්ව අනාගතය පිළිබඳව විමසිය යුතුය. දැනුම් සමාජයක් ගොඩනඟා ගත යුතුය. (A knowledge society generates, shares and makes available to all members of the society knowledge that may be used to improve the human condition.)

ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් අභිමානයෙන් අනාගත ලෝකයේ දොරටු විවර කර ගත යුත්තේ බහුතර ජනායායට යහපත් ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය වටිනාකම් වෙනුවෙන් විනා තෝරා ගත් සුළුතරයක් වෙනුවෙන් නොවේ. ජනයා මැතිවරණ කාලයේදී ව්‍යාජ ජාති වාදි ආගමික අදහස් නොවිමසා දේශපාලන ප්‍රතිපත්ති විමසිමට පුරුදු පුහුණු විය යුතුමය.

මිනිසා සමාජ ගත කිරීමේ සහ ඔහුගේ හැසිරීම් වෙනස් කිරීමේ අරමුණින්  බුද්ධියේ, දැනුමේ සහ විද්‍යාවේ මඟ පෙන්වීම අභ්‍යාස කිරිම ජාතික යුතුකමකි. ශ්‍රී ලාංකේය ජන සමාජයත් නව්‍යකරණයේ ප්‍රතිසංස්කරණයන්  සහ නව නිදහසක් ආරම්භ වන මහා සන්ධිස්ථානයකට තමන් පැමිණැති බව අවබෝධ කර ගෙන ඇති බව ඉතා පැහදිලිය. 

විද්‍යාත්මක ආත්මයේ, (Scientific Spirit) වාණිජ ව්‍යවසායයේ (Commercial Enterprise ) සහ දේශපාලන චින්තනයේ සේම ක්‍රියාකාරකම්වල (Political Thought and Activity) ප්‍රමුඛ ජාතියක් බවට ශ්‍රී ලාංකේය ජාතිය පත් වීමට ගණිතමය දක්ෂතාවයේ, අනාගතවාදී දේශපාලන සාක්ෂරතාවයෙන් සපිරී ලෞකික රාජ්‍යකරණය වෙත කඩිනමින් පියවර තැබීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. 

ඒ මක්නිසාදයත්, නූතන ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් ලෞකික ලෙස පිළිගැනීමට ලක්වි ඇති හෙයිනි. ඊට හේතු වී ඇත්තේ ආගමේ සම්පූර්ණ නිදහස (ආගමික විශ්වාසයන් සාමාන්‍යයෙන් නෛතික හෝ සමාජ සම්බාධකවලට යටත් නොවේ) සහ දේශපාලන තීරණ සම්බන්ධයෙන් ආගමික නායකයින්ට අධිකාරියක් නොමැතිකමයි.

මෙම කරුණු දේශපාලනිකව ජන ගත කරමින් ජන සමාජයේ දේශපාලන සාක්ෂරතාව වැඩි දියුණු කිරීම දේශපාලන පක්ෂ වෙත  සහ ශ්‍රී ලාංකේය උගතුන් සහ බුද්ධිමතුන් වෙත පැවරී ඇති අත්නොහැරිය හැකි ජාතික වගකීමකි.සමාජයේ බුද්ධිමතුන්ගේ භූමිකාව සංකීර්ණ විෂයයකි. කෙසේ වෙතත්, විශේෂයෙන් අද්‍යතනව වේගයෙන් වෙනස් වන ලෝකය  ඇතුළත බුද්ධිමතුන්ට කළ හැකි අර්ථවත් සහ තීරණාත්මක බලපෑම් පිළිබඳව කිසිවෙකුට විවාද කළ නොහැක.

සමාජය අවදි කිරීමේ අරමුණින් සිය බුද්ධිය, විවිධ දැනුම සහ අනාගත දැක්ම වෙනුවෙන් දුරදක්නා නුවණ ඇති පුද්ගලයන් බුද්ධිමතුන්ය. ඔවුන් මිනිසුන්ව නුවණට හුරු නැති සහ වැරදි දේවලින් මුදවා ගෙන ධාර්මික සේම යහපත් දේ දෙසට යොමු කිරීමට පෙරමුණ ගත යුතුය.

බුද්ධිමතුන් පෝෂණය වීමේ ප්‍රධාන සාධක තුනක් ඇත. එනම්, (01) දැනුම (Knowledge) (02) සමාජය අවදි කිරීමට ඇති හැකියාව සහ කැමැත්ත. (Ability and Willingness to Awaken Society) (03) උතුම් අරමුණක් හෝ අභිප්‍රායන්  සඳහා එසේ කිරීම.(Doing so for a Noble Cause or Purpose) යන්නය. මෙම මුඛ්‍යාංග එකක් හෝ නොමැතිකම බුද්ධිමතෙකුගේ නිර්වචනයට නොගැලපේ. ඔහු උගතෙක් පමණී.

Advertiesment